රන් සමනල්ලු 21

557 70 29
                                    

ඊලග දවස පුරාම කන්සාය් ඇදට වී සිටියාය.. ඇය සිටියේ හොද සිහියෙන් නොවේ.... ඊටත් පසු දින උදැසන කන්සාය්ට යන්තම් සිහිය ලැබිණි.යන්තම් දෑස් හැර සිවිලිම දෙස මද වෙලවක් බලා සිටියාය.. කුස්සිය සෝයා මීට් සුවදක්‌ සමග සලන් බලන් හඩින් බඩු එහෙ මෙහෙ යන ශබ්ද ඇසිනි.අමායා කුස්සියේ උයනවා වීය යුතු යයි කන්සාය්ට සිතීනි. ඇදෙන් බැස ඇය ඒ දෙසට ගියාය.
එහි යන විට අමායා බරටම උයමින් සිටියාය.අමායා ඇගේ කැරලි කෙටි කොණ්ඩය පිටිපසට එකතු කොට කුඩා කොන්ඩ කුරුල්ලෙක් ගැට ගසාගෙන සිටි අතර අකීකරු කෙස් කැරලි කිහිපයක් එහෙන් මෙහෙන් පැන ඇයට වද කරන සැටි කන්සාය් කුස්සියේ උලුවස්සට බරදි බලාගෙන සිටියාය.පසු ගිය දින කීපයේ ඇය මෙලෙස තමා නිසා මහන්සි වන්නට ඇතැයි කන්සාය්ට සිතිනි. ඇය තමාට අම්මා කෙනෙක් නොවේදෑයි ඇය ඇගේ හදවතින්ම ඇසිය. කන්සාය් දුවගෙන ගොස් මෙතෙක් වෙලා ඇයට පිටුපාගෙන සිටි අමායාව ආදරයෙන් වැලද ගත්තාය...

"ආව් ".... අමායා බදෙහි තිබු කන්සාය් අත එක් වරම ඉවත් කලාය.

"මොකද උනේ " කන්සාය් වික්ෂිප්තව ඇසුවාය.

"නැ එක පාරට රිදුනා.. ඔයා නැගිට්ට නේද " අමායා කන්සාය් දෙසට හැරෙමින් දෑතින්ම ඇගේ බදෙන් අල්ලාගෙන ඇයව තුරුළු කර ගත්තාය..

"ම්ම්ම්.. මොනවද හදන්නේ ඔයා... සුවවවවදයි " කන්සාය් කුඩා දරුවෙක් මවට තුරුළු වන ලෙස අමායාට තවත් තුරුල් වෙමින් ඇසුවාය.

"බබාට මොනවද ඕනි... සොයාමිට් තියනවා වට්ටක්කා තියෙනව ආයේ නිමලා ඇන්ටි පහලින් මැල්ලුමයි හාල්මැස්සෝ එකයි දෙන්නම් කිව ආයේ මොනවද හදන්න ඕනි ඔයාට.."

අමායා කියවා ඉවර වෙනතුරු ඇගේ මුහුණ දෙස බලා සිටි කන්සායි අමායාගේ දෙතොල් වල මෘදු හාදුවක් තැබිය..

"ඒ ඇති " කියමින් කන්සායි එතනින් යන්නට ගියේය. අමායා විසින් යන්නට ගිය කන්සාය්ව නැවත තමා ලගට ඇද ගත්තාය.

"මොකද වදේ.." කන්සාය් බොරු තරහක් ගෙන ඇසුවාය.

"එච්චරද මට දෙන්නේ.... ඒ මදි... හ්ම්ම්ම් දවස් ගානක් නැ කිසිම අහෙම් " අමායා කන්සාය්ගේ මුණට එබෙමින් කීවාය.

🦋රන් සමනල්ලු🦋 (Completed )Where stories live. Discover now