රන් සමනල්ලු 25

614 65 61
                                    

කන්සායි අමායා නා පිරිසිදු වීමෙන් පසු නාන කාමරයට වැදී ස්නානය කලාය.. මුළු ඇග පුරාම කසල ගොඩේ තිබි ද්‍රව වූ ශ්‍රාව ආදිය නිසා කෙතරම් සබන් ගැවද ඒ දුගද යැවීමට තරම් නොහැකි වීය. නැමෙන් අනතුරුව පිටතට පැමිණි කන්සයි ඔලුව පිසිමින් කාමරයට ගියාය.. අමායා සැප නින්දක පසු වෙමින් සිටියාය. තුවාය රැක්‌ එක මතට විසි කල ඇය තෙත කොණ්ඩය එහෙ මෙහෙ කරමින් කුස්සිය දෙසට ගියාය. අමායා විසින් වෙනදාටත් වඩා අලංකාර ලෙස කෑම මේසය සරසා තිබුනද සිතේ ඇති වී තිබු කල කිරීමත් කසල දුගද මතක් වීමත් නිසා කෑමට පිරියක් නොතිබුනෙය. වතුර වීදුරුවක් පානය කල ඇය ජංගම දුර කථනයද ගෙන පඩිපෙළ දිගේ පහලට බසින්නට පටන් ගත්තාය.පහල තට්ටුවට ගොස් අඹ ගස් හෙවනේ ඇති සිමෙන්ති බැංකුවක හිද ගත් ඇය  පසුගිය සතිය පුරා සිදු වූ සිදු වීම් පිළිබද සිතුවාය. සිත් වේදනා ගෙන දුන් ඒ සිදු වීම් අතුගා දමන්නට පුලුවන් වුයේ නම් කෙතරම් හොදද යයි යයි සිතුවද එය තමාට පැමිණි තවත් එක් විකාර සිතිවිල්ලක් පමණක්ම වීය.අහස මහා වැස්සක නිමිති පෙන්වමින් අහසම කළු වී තිබිණි.ඒ සමගම කෙටී පණිවිඩයක් බව හගවන  නාදය දුරකථනයෙ නාද වීය කන්සාය් එය බැලුවාය.

මැයි ගහ ලග ෆොටෝ
ගහපු එකා දැනගන්න
ඕනිද?

පණිවිඩයක නොදන්නා අයෙක් ගෙනි කන්සාය්ද කෙටි පණිවිඩක්‌ යවන්නට සැරසුණාය.

කවුද මේ

ආවම බලාගන්න..ඔයා
දන්න කෙනෙක්.. ඔයාලා
ගෙ ගෙවල් ලග තියන
අර පොදු ඉඩමක්
තියෙන්නේ එතනට හවස පහ වෙද්දි එන්න එච්චරයි..

එතනින් එහාට යමක් නොදන්නා දුරකථන අංකයෙන් කීවේ නැත... නැවත යමක් අසන්නට කන්සාය්ට අවශ්‍ය වුයේ නැත.. ඇය අහස දෙස හිස් බැල්මකින් බලා සිටියාය.. ටික වෙල්වකින් මහා වැස්සක් ඇද හැලෙන්නට පටන් ගත් නිසා දොරකඩ ලග සිට ගත්තාය. නිමලා මහත්මිය නිවසේ නොවූ බැවින් මේ දිනවල නිවස බලාගත්තේ කන්සාය් හා අමායාය.. ඇය හෙට දිනයේ එන බව පැවසු නිසා ඔලුවේ බර යම් තරමකින් නිදහස් වන බව කන්සාය් සිතුවාය.ඇයට එක්‌ වරම මෙතෙක් වෙලා හිතේ හිර කරගෙන සිටි දුක එලියට පැන්නේය. කදුළු බිදු වලට කම්මුල් දිගේ ඔහේ ගාලා යන්නට ඉඩ හැරී ඇය වැස්ස දෙස බලමින් දොර ලග තිබු පඩියෙ හිද ගත්තාය.. එන දුක් කම් කටොලු තමා පමණක් දරුවෙ නම් කම් නැත. අමායාට ද ඒවා දරන්නට සිදු වීම මහත් දුකක්‌ කන්සය්ට ලගා කළේය.මිනිස්සුන් වෙනස් වන්නට යන්නේ තප්පරයකි.. ඔවුන්ට කොපමණ උදව් කලත් එය තමාගේ වැරැද්දක්‌ හමුවෙ දියවී යන්නේ හිරු දුටු පිනී මෙනි. අනෙක් අතට තමා කලේ වැරද්දක් ද.. ආදරය කීරීම වැරද්දක් ද.... මෙලෙස විවිධ දේවල් ගැන සිතමින් කන්සාය් හැඩුවාය.. ජීවිතය එන්න එන්නම දුෂ්කර වීගෙන එන බව ඇයට පැහැදිලි වීය.

🦋රන් සමනල්ලු🦋 (Completed )Where stories live. Discover now