රන් සමනල්ලු 8

828 101 72
                                    

ප්‍රසංගයට පසුව බොහෝ විට අමායා තමාගේ සිතැගී දැනගන්නට ඇතැයි කන්සායි විශ්වාස කළාය.. පසු වුන අවුරුද්දේ ගැන කල්පනා කිරීමේදී ඇය තමා සමග කතා බහ කිරීමේදී ඒ වෙනස වඩා හොදින් කැපී පෙනුනි. ඇය තමා සමග මුල් කාලීනව හැසිරුනු ආකාරයත් දැන් ඇගේ හැසිරෙන ආකාරයත් සැසදීමෙදී ඇය තමාගෙන් ඈත් වීමට උත්සහ කලත් එය ඇයටම අපහසු ආකාරයක්‌ පෙන්වයි නිරන්තරයෙන් තමා පිළිබදව අවදානයෙන් පසු වීමද වෙනත් අය සමග කතා කරන විට බදා කිරීමද එය හුවා දක්වන සාක්ෂිය.තමා නැවතත් රෑ වැටුණු වලේ දවල් වැටෙන්නට යන්නේ අන්දයෙකු ලෙස වුවද කන්සාය් ඒ අන්ද බවට වඩ වඩා ඇලුම් කළාය.. විටක කන්සායිට තනියම සිනා යන්නේද අමායා මතක් වීම නිසාය.ඒ කෙසේ වුවද නැවතත් නම් දුක් විදිමට නොහැකි බවට තමා තමාටම පොරොන්දු දී හමාර වීම නිසා කවුරු කෙසේ වුවද අමායා සමග යාළුකමකට වඩා යාමක් ඇති කර නොගැනීමට කන්සාය් ඉටා ගත්තාය. දුර සිට ඇගේ සතුට බලා සතුටු වීමට කන්සාය් සිතා ගත්තාය. එය වඩාත් කාලෝචිත බව කන්සාය් ට හැගීනී. අමායා තමාට ලං වීමට උත්සහගත හොත් එය වැළක්විමට ද කන්සාය් ඉටා ගත්තාය... පෙර සිදු වූ සිදුවීම් ඇයව බොහෝ රිදවා තිබීම මෙ සියල්ලම හේතු විය. ඒ අතීතයට ඇය බොහෝ වෛර
කලාය. එදා තැලි පොඩි වී ගිය හිත යන්තම් හො හැදුනේ අමායා නිසාය.. එබැවින් කන්සාය්ට අමායාට ප්‍රේම කිරීමට හේතු වුවමනාවටත් වඩා තිබුනේය. නමුත් ශ්‍රී ලංකාවේ ආකල්ප වලට අනුව ගැහැණු ගැහැණු එකට වාසය කිරීම සන්වාසය කිරීම පවුලේ නම්බුව නම් බම්බුව නැති කරන සුළු ලොව මහා පාප වලින් එකක් වෙයි .. ඒ අනුව වඩා පුජනිය වන්දනිය වන්නේ පිරිමියෙකු හා ගැහැනියක් එකට විසිමයි.. මෙ නිසා කන්සාය්ට සිතුනේ දුර සිට අමායා ගෙ ජීවිතය අවුල් නොකොට ඒ ඇයගේ සතුට දෙස බලා සතුටු වීම වඩා සුදුසු බවයි.. එයින් තමාට යම් බලපෑමක් සිදු වුවද කිසිදු කැලල්ක් නැති ඇගේ ජීවිතයට තමාගේ නොමනා ක්‍රියා සහිත චරිතය එකතු කිරීමෙන් එය කිලිටි නොවිය යුතු යයි කන්සාය් තනියම සිතුවාය... සදුදා කලා දිනයට තේරීම් සිදු කරන බැවින් කන්සාය් නර්තනයක්‌ පුරුදු
වුවාය. ඇය කුඩා කල සිටම නර්තනයට දක්ෂ අයෙක් වුවාය.. මෙ නිසා එය නර්තනයක්‌ යනු ඉතා සුළු දෙයක් විය... කන්සාය් අමයාගේ ඉදිරිපත් කුමක්දැයි බැලීමට බොහෝ වුවමනාවෙන් බලා සිටියාය...
.
.
.
.
.
.
" ළමයි ඔයාලගේ අය්ටෙම්ස් අපිට පෙන්නන්ඩ දැන් ඒක එක එක්කෙනා ඇවිල්ල.... " යනුවෙන් ගුරුතුමිය පන්තියේ ළමුන්ට කීවාය.ඔවුන් එකීනෙකා පැමිණ විවිධ ඉදිරිපත් කීරීම් කළහ..ඊළගට පැමිණියේ තමාගේ වාරයයි... නිවසේදී පුහුණු වූ පරිදි මුලින්ම සරල හා සැහැල්ලු ලෙස නර්තනයෙ යෙදේමින් ක්‍රමයෙන් සංගීතයෙ වේගයට සම වෙමින් අවසානයේදී ඉතා වේගයෙන් වන පරිදි තම නර්තනය සාර්ථක ලෙස ඉදිරිපත් කලාය.. ඊළගට පැමිණියේ අමායාගෙ වාරයයි ඇය සුදානම් වී පැමිණ තිබුනේ වයලින් වාදනයටයි. වයලිනය සුදු පැහැති එකක් වූ අතර මදක් දුර්ලබ ගනයේ වයලින් එකක් විය. වයලිනයෙ පසුපස කොටස නිකටට තබාගනිමින් කන්සාය් දෙස බැලු අමායා එක් වරක් හුස්ම පිටකර දෑස් පිය ගත්තාය. සෙමෙන් සෙමෙන් වාදනය කරන්නට පටන් ගත් ඇගේ වාදනය තමාට බොහෝ හුරු පුරුදු එකක් ලෙස කන්සාය්ට් දැනුනේය. එහෙත් තප්පර කිහිපයක් සවන් දීමේදී ක්ෂණයෙන් එය ඇගේ මතකයට ආවේය..

🦋රන් සමනල්ලු🦋 (Completed )Where stories live. Discover now