රන් සමනල්ලු 23

500 68 35
                                    

කන්සායි අමායාගෙ අතුල් පහර නිසා කම්මුල පුපුරු ගසද්දී අසල මැයි ගසක්‌ යටට දිව ගියාය. අමායා පසු පසින් කන්සා කන්සා ගාමින් එන හඩ ඇසුනද එය ගණනකට නොගත්තාය.

"කන්සා " අමායා දුවගෙන විත් කන්සාය් ගෙ උරහිස් දෙකෙන් අල්ලාගත්තාය.

"පලයන් යන්න අහකට... අල්ලන්න එපා බැල්ලි.."
කෝපයෙන් රතු වූ දෑස් ඇතිව තවමත් කම්මුලකට අත තබාගෙන කන්සාය් විශ්ව විද්‍යාලයටම ඇසෙන සෙ කෑ ගැසුවාය. ඒ අවස්ථාවේ මැයි ගස් හෙවන පාලු ස්වබාවයක්‌ ගෙන තිබීම ඇගේ වසනාවක් වීය.වටේටම වවා තිබු ගගවැරැල්ල ගස් පේලිය ඉන තෙක් උස වූ නිසා ගස් වටා ඉදි කල වැටක් සෙ පෙනිණි
කන්සාය්ගෙ වදන් හමුවෙ අමායා මදක් පිටුපසට වුවද තමාගෙ වැරැද්ද බව හොදින් දන්නා නිසා හිත් රිදීමකින් වුවද නැවත කන්සාය්ට සමීප වීය.

"කන්සා අහන් "... ඉතිරිය සම්පුර්ණ කරන්නත් පෙර කන්සාය් විසින් ඇයව බිම වැටෙන ලෙස තල්ලු කලාය.

"මම හිතුව හ‍රි තමුසෙට අරු එක්ක හුටපටයක් තියෙනව... මාව එපා නම් මම එක්ක ඉන්න එපා " කන්සාය් කෝපයෙන් කෑ ගැසුවාය. කෝපය නිසා ඇගේ උගුර බැරෑන්ඩි වී තිබිණි.

මෙතෙක් වෙලා ආවරණ වී තිබුනු කන්සාය්ගෙ කම්මුල කන්සාය් අමායා හොදින් දුටුවේ එවිටයි. කන්සාය් මදක් සුදු වර්ණයකට හිමිකම් කියූ බැවින් රත් පැහැයෙන් කන්සායිගේ මුහුණට පුරා වැදී තිබු අමායාගෙ අත්ල කැපී පෙනිණි.අමායාට තරු පෙනුනේ එවිටයි.වහා ඇගේ ඇලි තිබු කොලරොඩු හැ වැලි පිස දැමූ අමායා කන්සාය් අසලට දුවගෙන ගොස් ඇගේ කම්මුල පරික්ෂා කීරීමට ගියාය.

"යන්න නේද කීවේ එක පාරක් ඕනි එකෙක් එක්ක ගිහින් එල්ලිලා පල " කන්සාය් අමායාගෙ ගෙලෙන් අල්ලාගෙන දත් මිටි කමින් කීවාය..

"හහ් හහ් කන්සා අනේහ්හ්හ්..." අමායා අමාරුවෙන් කතා කලාය.

කන්සය් අත පහත දමා අහක බලා ගත්තාය.
"ඔය මුණ දිහා බලල මට මොකුත් කරන්න බැ.. ඔයා ගාවදී මම දුර්වලයි.. මට ඔයට අත උස්සන් බැ ඔයට ඒක පුළුවන් උනට." කන්සය් මැයි ගස මුලෙ ඉදගනිමින් කදට හේත්තු වී හිටගෙන තමා දෙස බලා සිටින අමායා දෙස බලමින් කීවාය.
අමායාද කන්සාය්ව අනුකරණය කරමින් බීම හිදගත්තාය.තමාගෙ කම්මුල් පහරේ සැර නිසා කන්සායිගෙ මුහුණේ රතු පැහැයෙන් වෛරපලු ඉල්පී තිබෙනු අමායට පෙනිණි. එය සෙමෙන් අතින් පිරිමැදි අමායා මෘදුව කන්සායිගෙ නිකට තමා දෙසට හරවා ගත්තාය.

🦋රන් සමනල්ලු🦋 (Completed )Where stories live. Discover now