රන් සමනල්ලු 9

757 94 75
                                    

තමාට පිටුපා යන කන්සාය් දෙස අමායා වයලිනය හා බො එක අතැතිව බලා සිටියාය.දැන් නම් ඇය තමාට මදක් වත් කැමති නැති බව හොදටම විශ්වාසය. ඇය වටා අත් දමා සිටියේ ඇයට වයලිනය වැයිමෙ මුල අල්ලා දීමටයි.තමා සිටි ඉරියව් වැලද ගැනීමකට සමාන වුවද ඒ කිසිවක් සිදු කලේ සිතා මතාම නොවේ. කෙසේ වෙතත් කන්සයි ගැන තමා ඕනෙවට වඩා සිතමින් දවස මුලුල්ලේම ඇය ගැනම සිතමින් සිටියද ඇයට නම් තමා ගැන අංශු මාත්‍රයක හැගීමක් නොමැති බව සිතමින් අමායා පාසලේ සිට නිවාසට ඇවිද යන ගමන් සිතුවාය.
ඊලග සතිය පුරාම පුහුණුවීම් එක දිගට පැවතීම නිසා අමායාට කන්සායි ගැන බැලීමට තරම් වෙලාවක් තිබුනේ නැත. එහෙන් මෙහෙන් ඇය යනවා දුටුවද ඇය ඒ තප්පරයකට දැකීමෙන් පවා සිත රිදුනු නිසා ඇය සිටින පාරකින් පවා නොයා සිටීමට අමායා ප්‍රවේසම් වුවාය. කන්සාය්ට තමාව වැදගත් නොවන්නේ නම් තමාටද ඇයව දුහුවිල්ලක් තරම් වැදගත් නැති බව නිරන්තරයෙන් එහාට මෙහාට වැනෙන මඩේ හිටවූ ඉන්න වැනි තම සිතට අමායා නිරන්තරයෙන් මතක් කලාය.
     කෙමෙන් කෙමෙන් අවසානයේ කලා දිනය ලගා විය. ඊට පෙර දිනයේ කලා අංශය එකම ගාල ගෝට්ටියකි. පාසලේ ශ්‍රවනාගාරය වටා කොඩි කණු සිටුවීම, සැරසිලි කීරීම කැම බීම සැකසිම ආදි වූ විවිදාකාරයේ වැඩ කටයුතු රාශියක් තිබිණි.අවසානයෙ සියල්ලන්ටම පෙර පුහුණු වීමක් සදහා ශ්‍රවනාගාරයට රැස් වන ලෙස ලෙස දැනුම් දීමක් සිදු කල නිසා සියල්ලෝම එයට රැස් වුහ.
   ඒ අනුව උත්සවයෙ පෙර පුහුණු වීම් පටන් ගත්තේය.... කලා අංශයේ සියලු ළමයි එක් අංගයකට හො නියෝජනය වන ලෙස උත්සවයෙ අංග බෙදා තිබිණි. ඒ අනුව නැටුම් ගැයූම් ආදී බොහෝ දෙ ඒ ඒ අංගයට අදාල ඇදුම් නැති වුවද ඉදිරිපත් කිරිම් සිදු කිරීමට ළමුන් යුහුසුලු වූහ...

"මීලගට නර්තනය බටහිර නර්තනයකින් ඔබව පින වීමට වේදිකාවට පැමිණේන්නේ කන්සායි මිනෝලි........ අත්පොළසන්නාදයකින් පිළිගන්න "

"කන්සායි මොක... මිනෝලි... එක ලස්සනයිනේ ඇයි එයා පාවිච්චි කරන්නේ නැත්තේ ".... අමායා වේදිකාවේ කෙලවරකින් පඩිපෙළ නගින කන්සාය් දෙස බලමින් තනිවම  සිතුවාය.එක දිගටම නර්තනයෙ යෙදීම නිසාදෝ ඇගේ ඉත්තෑකුරු මෙන් එහෙ මෙහෙ ගියා කොණ්ඩය දහදියට පෙගී තිබිණි. බොටමක් හා ටීෂර්ටයක් ඇද සිටි ඇය කොණ්ඩයේ දහඩිය පිස දමමින් පඩිපෙළ අඩි දෙකට තුනට යන දෙස බලා සිටි අමාය වහා හුන් තැනින් නැගිට්ටාය.සෙමෙන් සෙමෙන් ශ්‍රවනාගාරය පිටුපස තිබු අතු විහි දී ගිය බො ගස යටට ගාවට ගියාය.. බො පත් සිලි සිලි හඩින් නටවෙන සද්දය අමායාට ඇසිනි.. ඇය වයලින් එක මත බො එක තබා දිගු හුස්මක් ගෙන පිටකර තමාගේ ගීතය වාදනය කිරීමට පටන් ගත්තාය... ඇයට අවශ්‍ය වුයේ කන්සාය් නිසා ඇති වූ කලකිරීම ටිකක් හො නැති කර ගැනීමටයි. කන්සාය් සමග තිබු කුඩා මතකයක් පවා එපා කරවන සුළු විය... වාදනය මදකට නතර කල ඇය පිට්ටනිය ඈත කෙලවර ඇති මැයි ගස දෙස බැලුවාය... ඇයට පෙර දිනයක තාමත් කන්සාය්ත් මැයි ගස් හෙවනේ කතා කරමින් දිනයක් ගත කල ආකාරය මතක්. ඉන් පසුව ප්‍රසංගය බැලීමට ගිය සැටි එහි දී තමාගේ කොණ්ඩය අවුස්සමින් විකාර කල සැටිත් ඇගේ වැලමිට වැදී තම අත රිදුම් දුන් ආකාරයත් මතක් විය.එය කලේ බොරුවට බව තමා හොදටම දැන සිටියද ඉබ්බා දියේ දැමු විට ඇන්නැවෙ යයි කියුවක් මෙන් එකක් විය. කෙසේ නමුත් එදා නම් ඇය ඒ සියල්ල කලේ බොරුවට බව අමායාට දැන් හොදින්ම පැහැදිලිය.තමාගේ ප්‍රථම ප්‍රේමය එසේ බොරු වංචාකරියකට පුජා කර මොඩියෙක් ලෙස හැසිරීම නිසා පැමිණි තරහ මිශ්‍ර වූ දුක නිසා ඇයට මැයි ගස දෙස බලා සිටියදීම නෙතගින් කුඩා කදුළු බිදු දෙකක් දෙකොපුල් අතරින් රුරා වැටිණි. දිගු සුසුමක් පිට වී ගියේ ඇයටත් නොදැනීම පිටවී ගියේය.. ශ්‍රවනාගාරය දෙසින් තමාගේ නම කතා කරනු දෙනෙත් ඉක්මනින් පිස දා ගෙන ඒ දෙසට ඉක්මනින් ගියාය.

"ඔය ළමයා කොහේද ගියේ.... මෙතන අපි විනාඩි 4 බලන් හිටිය. මෙ ලෝකේ නෙවේද ඉන්නේ.. මගුලේ යනවා හ හා ඉක්මන් කරනවා... "

මදක් පරක්කු වූ නිසා එහි සිටි සංගීත ගුරුතුමිය ගෙ සද්ද පුජාවද රිදුනු හිතෙන් යුතුව ඉවසා ගෙන ඉක්මනින් තම වාදනය පටන් ගැනීමට සිතා ඇස් පියා ගත්තාය...
    මුල් පද පේලි වාදනයෙන් පසුව මදක් ප්‍රේක්ෂකාගාරය දෙස බලමින් වාදනයට පටන් ගත්තාය.. එසේ බලමින් යන විට එක් හුරු පුරුදු විශාල දෙනෙත් යුවලක් උද්යෝගයෙන් තමා දෙස බලා සිටිනවා පෙනිණි... තමා ඇගේ නර්තනය ආරම්භයෙදීම  නැගිට ගියද ඇය තමා දෙස දීප්තිමත් සතුටු දෑසින් බලා සිටින්නේ ඇයි දැයි සිතා ගැනීමට නොහැකිව වරදකාරි සිතක් පහල වීම නිසා අමායා ගෙ සිත වාදනය මද්‍යයෙ වුවද එහෙ මෙහෙ ගියේය.. මෙ නිසා වාදනය වැරදී ගියේය...

"නවත්තනව නවත්තනව ඕක... මොකක්ද ඔයා ගහන්නේ..... හෙට.. ඔහොමද ගහන්න ඉන්නේ.... දෙනෝ දාහක් එනවා ඉස්කෝලේ ප්‍රය්ඩ් එකට මොකද වෙන්නේ තමුසේ අමායා නේද හොදට කලානේද ප්‍රැක්‌ටීස් වලදී... දැන් මොන හෙනයක්ද ගැහුවේ... දැන් ආයේ ළමයි හොයන්නත් බැ හෙට කොම හරි හොදට කරන්න අද හවස වෙනකන් ඉන්න වෙනවා... සොලෝ අය්ටම් එකක් ඒ මදිවට.. දැන් ඇති යනවා ".....

    මුළු ශාලාවක් ඉදිරියේ තමාට බැන වැදීමෙන් ඇති වූ ලැජ්ජාවද දරාගෙන ඇය වහා වේදිකාවේන් බැස නැවතත් බො සෙවනට දුව ගියාය... මෙවර ඇයට හැඩුනේ නැත... ඇය බො සෙවනේ හිද ගෙන ඈත දෙස බලා සිටියා පමණි.. ඇයගෙ හිත හිස් ව තිබුනේය....

 ඇයගෙ හිත හිස් ව තිබුනේය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

A/nමෙ පාර එක පොඩ්ඩක් සුටි 🥲සොරි 🥲ඊළගට දිග එකක් දෙන්නම් පොමිස්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

A/n
මෙ පාර එක පොඩ්ඩක් සුටි 🥲සොරි 🥲ඊළගට දිග එකක් දෙන්නම් පොමිස්.

🦋රන් සමනල්ලු🦋 (Completed )Where stories live. Discover now