රන් සමනල්ලු 17

648 95 20
                                    

අමායා සරච්චන්ද්‍ර වල ලගට යන විට එහි අමායාත් කොන්ඩය පොකුටු කොලුවාත් මුහුණෙන් මුහුණ බලාගෙන ඉදගෙන සිටියහ. අමායා ඔවුන්ට නොදැනෙන ලෙස එ අසල තිබු මැයි ගසකට මුවා වී කන් දිගෙන සිටියාය.
"මට කියන්න නංග.. ඔයා ඔයා මට කැමති නේද.... ම්ම්ම්ම්.. කියන්න.."ගැබුරු කටහඩින් එ කොන්ඩ පොකුට්ටා බව අමායා හදුනා ගත්තාය. ඇය අනික් පසින් ලැබෙන පිළිතුර වෙත සාවදානව ඇහුම්කන් දුන්නාය.
"ම්ම්ම්ම්..... ඔව් අය්යේ.... ඔව් මම ඔයාට කැමති අය්යේ...ඔයා වෙනුවෙන් ඕනිම දෙයක් කරන්න පුලුවන්... ඕනේ තැනකට ඕනේ ලෝකෙකට මෙ සුදු අත අල්ලන් යන්න එන්නම් සුදු මහත්තයෝ.." අවුරුදු කිහිපයකට පෙර තමාට බනිමින් ඔලුව අවුල් කරමින් තමාගේ ප්‍රථම හා අවසන් ප්‍රේමයේ හිමිකාරිය කියනු ඇස් අග රැදුණු විශාල කදුළු ගුලි දෙකක් මොරද්දී අමායා වේදනාවෙන් අසා සිටියාය. ඇය මැයි ගසට පිට දි මුල අසල හිදගත් අමායා මෙවන් මැයි ගසක් පාමුලක හිද පාසලේදි ඇයට කතා කල අයුරු අමායාට මතක් වීය..එත් සමගම සර සර හඩ නගමින් ජෝදුවම අමායා සිටි ගස පසු කර යන සැටී අමායා බොද වූ දෑසින් බලා සිටියාය.. කදුළු පිරි දෑසින් ඔවුන් දෙස බලමින් අමායා ඔවුන්ගේ ජිවිතයම යහපත් වේවා යය් එක සිතින් ප්‍රර්ථනා කළාය. කොහොම කෙලෙස වුවද කන්සාය්ට සාප වේවා යය් ප්‍රාර්ථනා කිරීමට තරම් අමායා නොවුවාය. කන්සාය් හා පොකුට්ටා මදක් දුර යන තුරු අමායා කදුළු පිරි දෑසින් බලා සිටියදී එක්‌ වරම කන්සාය් පිටුපස හැරී අමායායා යනුවෙන් වේදනාවෙන් කැ ගැසුවාය.. එ සමගම ඇය එතනින් පොකුට්ටා පමණක් ඉතුරු කරමින් අතුරුදහන් වුවාය.ඇය අතුරුදහන් වුවද ඇගේ කටහඩ එන්න එන්නම වැඩි වීය..
"අමායා... අමායා... නැගිටිනවා ගැනියේ... මොන ගෙම්බෙක්ද මෙ පස්සට එලිය වැටෙන කන් නිදිකුම්බරය වගේ නිදි... කෝ කෝ නැගිටිනවා.. මොකද මෙ දාඩියත් දාල.. යකෙක් නෙවේ ඔයාගේ කන්සාය් අනේ "
දැක තිබුනේ හීනයක් බව අමායාට හැගී ගියේ එවිටය.

"අහ්හ්.. මේ තේක බොන්න... නිදිකුම්බර ගොළුබෙලි කට්ටි....ඉක්මනට ලෑස්ති වෙන්න යන්න ඕනි.. අර මගුලෝ අදත් ඉදිද දාන්නේ නැ. අය්යෝ මේ මාස තුන ඉක්මනට යනවා නම් හොදයි ලබ්බක්..." කන්සාය් අමායාට තේක දෙමින් කීවාය.
අමායා තේක පානය කලා මිස කිසිවක් කීවේ නැත. දුටු සිහිනය ඇය හිරිවැටි සිටියාය... එය සිහිනයක්ම පමණක් වීම ගැන අමායා සිතින් දහස් වාරයක් සතුටු වුවාය. දැන් සිටම අර පොකුට්ට ගැන ඇහැ ගහගෙන සිටීම වටින බව ඇගට හොද බව අමායා සිතමින් මුහුණ කට සෝදා ගැනීමට නාන කාමරයට ගියාය.
කන්සාය් හා අමායා ඔවුන්ගේ දෙවන දිනය ගත කීරීම සදහා විශ්ව විද්‍යාලයට යාමට පිටත් වුහ.පොකුට්ට හො වෙනත් අයෙකු හමුවෙ වට පිට බලමින් ගීයා අතර එදින කිසිවෙකු ඔවුන්ව නවක වදයෙන් පෙළීමට ආවේ නැත. ඔවුන් වැනිම නවක ශිෂ්‍යයෝ ගස් යට කතා බහ කරමින් සිනා සෙමින් සිටිනු පෙනිණි. සමහර විට එදින නවක වදයට පොලබවන දිනයක් නොවිය හැකි බව ඔවුන්ට සිතුනි.මේ නිසා සියල්ලෝම අදාල වෙලවට ශාලාවට ගියහ.
දේශනය නිම වුනු පසු ළමුන් ශාලවෙන් යන්නට සැරසුණු විටම වැඩිහිටි ශිෂ්‍යන් පැමිණ සියල්ලන්ටම ශාලාවේ එක් තැනකට රැස් වන ලෙස කියා ඔවුන් එකම තැනකට සිර කොට තැබුවේය. එක් සිසුවෙක් වේදිකාව මතට නැග යම් යම් බහුබූත වගයක් කියාගෙන ගියේය. ටික වෙලවකින් අධික ගදක් සහිත සිතල යමක් උඩ සිට වැටුනේය. වේදිකාවේ සිසුව වැදී බණ දේශනා කරද්දී අනෙක් සිසුවො බැල්කනියෙ සිට ගොම බාල්දි තරගයට පහලට පෙරලුහ. කිසිවෙක්ට එහා මෙහාට නොයා හැකි ලෙස ඉලක්ක ස්ථානය කොටු කර විශාල පොලු රැගත් වැඩිමහල් සිසුවෝ වටේට සිටගෙන සිටියහ.අවසානයේ සියල්ලම හොදින් ගොම නා ඇති බව තහවුරු කරගත් පසු එය අවසන් කෙරිණි. නමුත් එතැනින්ම දඩුවම නිමා වුයේ නැත.. මීලගට ශාලවේ අනෙක් කෙලවර තිබු වතුර බාල්දි ස්පොන්ජ් වය්පර් ආදී මෙවලම් මගින් හැඩි වූ ශාලාව පිරිසිදු කීරීමට සියල්ලන්ටම සිදු වීය.සියල්ලම අවසන් වන විට ගොම පොතු ගැලවෙන තෙක් වේලි තිබිණි... අවසාන සියල්ලන්ටම අසලින් ගලා යන කණුවෙන් ඇග සෝදා ගැනීමට අවස්ථාව ලැබුණි... ඉන් අනතුරුවය් ඔවුන්ට පිරිසිදු වතුර පොදක් ඇගට ඉසගන්නට අවස්ථව ලැබුනේ. අවසානයේ සියල්ලන්ටම විසිර යාමේ අවස්ථාව ලැබිනී.
අමායා මේ සියල්ල එදින කලේ සිහියකින් නොවේ.. නිතරම ඇගේ සිහිය තිබුනේ උදැසනම දුටු සිහිනය කෙරෙහිය. එහි කන්සාය් එක් වරම නැති වී ගියේ ඇයි දැයි ඇයට සිතා ගත නොහැකි වීය. වෙනදට කොයි දේටත් කච කච ගමින් කියවන අමායා අද නිහඩ බව සිතුනු නිසාදෝ කන්සාය් අමායාට නිවසට යන අතරතුර ඇයගෙන් මේ පිළිබදව විමසුවාය.

🦋රන් සමනල්ලු🦋 (Completed )Where stories live. Discover now