CHAPTER 01 - The Beginning Of All

1K 117 84
                                    

උපතේ සිට මරණය තෙක් ජීවන ගමනේදි අප හට හමුවන දහසක් හදවත් අතුරින් අපගේ හදවතේ ළැගුම් ගන්නේ ඉතාම හදවත් අතළොස්සකී...

ප්‍රේමයත් ඒ අතළොස්සෙන් එක් හදවතකට උරුම වන්නේ නම් වෛරයත් ඒ අතළොස්සෙන්ම එක් හදවතකට උරුම වේවී...

විටෙක ඒ ආදරණීය හදවත අදුරේ ගිලී යාවී..

තවත් විටෙක ඒ හදවත් ආදරයේ සිසිල විදගනීවී...

එබැවින්
අදුරින් ලියවූ ජීවිතයකට එළිය අරන් පැමිණි ඔවුන්ගේ ආදරය කතාව සදාකාලික වේවී....

ගිම්හාන ඍතුවේ සෝල් නගරය වෙන අන් ඍතුවක දකින්නට නොලැබෙන නොහැගෙන අලංකාරයකින් ගිම්හානයේ උණුසුම පවා අන් අයට අමතක කරවින් දිදුලන්නට විය , මේ මොහොතේ ජීවිතය විදවන පුද්ගලයන් මෙන්ම ජීවිතය රිසිසේ විදින පුද්ගලයන් ඉතා සතුටින් සහ සැහැල්ලුවෙන් තමා හට ජීවත් වීමට නියමිත කාලය නිමා වන තෙක් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හුස්ම ගනිමින් තම තමන්ගේ ජීවිතයන් ගෙවා දමන්නට විය.

" ටේහ්‍යන් මේ පොඩ්ඩක් එනවා මෙහෙට " එලෙස SBS නාලිකාවේ අනාගත හිමිකරු හට තමා අසලට පැමිණෙන ලෙස පැවසුවේ ඔහුගෙ කුඩා කළ පටන් හොදම මිතුරිය වන ඒන්ජල් ය.

"මොකද, ඇයි ,මොකො" ටේහ්‍යන් ඇයගේ ආරාධනයට එක්වරම ඇය කරා නොගොස් SBS නාලිකාවේ ප්‍රධාන ගොඩනැගිල්ලේ හතලිස් වන මහලේ සිට එනම් එම ගොඩනැගිල්ලේ අවසන් මහලේ ආරක්ෂිත වැට අසලට වී පහත මාර්ගයේ ඒ මේ අත ධාවනය වන රථවාහන දෙස ඉතා උවමනාවෙන් බලා සිටින්නට විය.

"මෙහෙ එනවකො එන්න කිව්වම ලොකුකම නොදා ටේහ්‍යන් "

"මොකද ඒන්ජල් මොනාටද එන්නේ මම ඔතනට "

"මේ අර එහා බිල්ඩින් එකේ ඉන්න කොල්ලව බලනවකො හම්මේ මාර හැන්ඩ්සම්"

"දැන් තමුසෙට අච්චර ඈත තියෙන බිල්ඩින් එකත් පේනවද ආ "

"උවමනාව තියෙනවනම් දිව්‍යලෝකෙ දෙවියොන්ව උනත් පේනව ටේ කොල්ලො "

"හනේ තමුසෙගෙ ලොජික් මේ ඒක නෙමෙ කෝ අර ඔයා පස්සෙන් ගිය කොල්ලා "

ROGUE | Taekook [ COMPLETED ]Where stories live. Discover now