CHAPTER 02 - Nice To Meet You Stranger

565 86 35
                                    

මද වේලාවක් තම තමන් ඇනවුම් කරන ලද ආහාර ලැබනතෙක් බලා සිටි ඒන්ජල් සහ ටේහ්‍යන් දෙදෙනා සෙල්ෆි ජායාරූප සහ එකිනෙකාගෙ තනි ජායාරූපද ගනිමින් ඔවුන්ගෙ ආහාර ලැබෙනතුරු කල් යවමින් සිටි අතර ටේහ්‍යන් හට හදිස්සියේම ඇතිවූ උවමනාවක් මත ඔහු වැසිකිළිය වෙත යන්නට විය.

සිය අවශ්‍යතාවය ඉටුකරගත් ටේහ්‍යන් තම දෑත් පිරිසිදු කරගැනීම සදහා එහි තිබුනු ජල කරාමයක් වෙත නැඹුරු වී හොදින් දෙඅත් සෝදා ජලය තම දෑත් වලින් ගසමින් නැවත තමා ඉදිරියේ තිබුණු විශාල කණ්නාඩිය දෙස බලන්නට විය , එහෙත් ඔහු එක්වරම තිගැස්සීමකට ලක් වූයේ ඔහු දෙස බලාගෙන යමෙකු සිටි නිසාවෙනි.

සාමාන්‍ය පුද්ගලයෙකු හට එසේ තිගැස්සීමට බලපාන මහගු කරුණක් නොවුනත් එම සිදුවීමට ටේහ්‍යන් හට අන් අයට වෙනස් අයුරින් දැනුනේ ඔහු හට යම් ප්‍රසිද්ධියක් ඔහුගෙ පියා සතු ව්‍යාපාර නිසා ලැබී තිබුණු නිසා ඒ පිළිබදව ඇති බිය සහ සැකයෙන්ය.

ඔහු හට යම් ආකාරයක සැකයක් සහ බියක් ඇති වුවත් ඔහු එය ඔහුගේ පසුපස තමා දෙස බලාසිටිනා හිස වැසෙන සේ කලු කබායක් හැද සිටින කලු පැහැතිම මුඛ ආවරණයක් පැළද සිටිනා මෙම නන්නාදුනන පුද්ගලයා හට කිසිදු සැකයක් ඇති නොවෙන ලෙස හැසිරුනේ ඔහුව අපහාසුතාවයට පත් නොකල යුතු නිසාවෙනි.

"හෙලොව් ටේහ්‍යන් ඔයාට මාව මතකද ? " එක්වරම ටේහ්‍යන් පසුපස ඔහු දෙස බලමින් සිටි පුද්ගලයා සිය හඩ අවදි කරේ ඔහුගේ හිස ආවරණය කර තිබූ කබාය සහ ඔහු පැළද සිටි මුඛ ආවරණයද ඉවත් කරමින් ය.

"ම්ම් නැහැ මට මතක නැහැ " ටේහ්‍යන් සැබැවින්ම ඔහුව මීට පෙර දැක තිබුණු බවක් ඔහුගෙ මතකයට පැමිණියේ නැති අවස්ථාවක එසේ කියුවේ ඔහු හැරී බැලූ විට ඔහු ඉදිරියේ සිටින පුද්ගලයා ඔහුට ආමණ්ත්‍රය කළ ගැඹුරු කටහඩ හෝ තමා මින් පෙර අසා ඇත්දැයි සිය මතකයේ පිරික්සමින්ය.

"ටේහ්‍යන් ට මතක නැතුව ඇති මාව ඒත් මටනම් ඔයාව හොදට මතකයි "

"ඇත්තටම මට ඔයාව මතක නෑ ඔයාගෙ නම වයස එහෙම කිව්වොත් සමහර විට මට මතක් වෙයි" ටේහ්‍යන් එසේ කියන්නට වූයෙ එම තමා ඉදිරියේ සිටිනා ආගන්තුකයා ගෙ හැඩහුරුකම් ඉතා හොදින් පරීක්ෂා කරමින්ය, සැබැවින්ම ටේහ්‍යන් හට දැනෙන්නට වූයෙ ඔහු ඉතා කඩවසම් තරුණයෙකු බවයි .

ROGUE | Taekook [ COMPLETED ]Where stories live. Discover now