CHAPTER 03 - Date With His Stranger

368 60 14
                                    

සිය මෝටර් රථයෙන් අහම්බෙන් වසර ගණනාවකට පසුව මුණගැසුනු ජංකුක් ව හමුවීමට පිටත්ව ගිය ටේහ්‍යන් ඔවුන් සාකච්ඡා කරගත් ආකාරයට උදෑසන දහය පමණ වනවිට උද්‍යානය වෙත යන්නට විය.

"හම් මේක නිකන් ඩේට් එකකුත් වගේ මටනම් නර්වස් කාගෙහරි ප්‍රෑන්ක් එකක්ද දන්නෑ මේක" ටේහ්‍යන් චකිතයෙන් ඔහුගේ මෝටර් රථය එහි රථගාලෙන් දමා උද්‍යානය වෙත පිවිසුනේ වටපිටාවේ ජංකුක්ව සොයාගැනමේ අරමුණින්ය.

"හායි ටේහ්‍යන් මම මෙහේ" ජංකුක් එහි බංකුවක් මත කෝපි කෝප්ප දෙකකුත් සමග අසුන්ගෙන සිටි අතර ඔහු ටේහ්‍යන් එනතෙක් බලා සිට ඇත.

"හායි ජංකුක් මම හිතුවෙ ඔයා පරක්කු වේවි කියලා"

"අපෝ මම වෙලාවට වැඩ.....එන්න ඉදගන්න"

"ඕකේ තෑන්ක්ස්" ටේහ්‍යන් ජංකුක් අතර කෝපි කෝප්ප දෙකෙහි හිඩැස ඉතුරුකර අනෙක් ඉඩෙන් අසුන් ගත්තේ ජංකුක් දෙස සෘජුව නොබලමින් යම් ලැජ්ජාවකින්ය.

"ඔයා අද කැමැත්තෙන් නේද ආවේ අකමැත්තකින් නෙමේ නේද ? "

"ඕහ් ජංකුක් මම කැමැත්තෙන් ආවේ ඇයි ඔයා එහෙම ඇහුවේ"

"නෑ ඔයා ටිකක් නර්වස් වගේ ඒකයි "

"ඔව් ඉතින් මට ටිකක් නර්වස් තමයි ඒත් ඒක ටිකකින් නැති වෙයි"

"ටේහ්‍යන් ඔයාට මාව හරියටම මතක නෑ නේ තාම ඉතින් මම හිතුවා අපේ මතකය අලුත් කරන්න"

"ඒ කොහොමද ?"

"මේ කෝපි එකත් ඒකට උවමනා වෙනවා" ජංකුක් එසේ පවසා ටේහ්‍යන් වෙත ඔහු රැගෙනවිත් තිබූ කෝපි කෝප්පය ලබාදුනි.

"කොහොමද මේකෙන් අපේ මතකය අලුත් වෙන්නෙ ජංකුක්"

"මතකයනම් අලුත් වෙන්නෙ නෑ හැබැයි කෝපි වලට මතක ශක්තිය වැඩි වෙනවලු"

"හා හා සෝ ෆනී"ටේහ්‍යන් යම් කාලයකට පසු සැබෑවටම සිනාසෙන්නට විය.

"වාව් ඔයා හිනා වෙද්දි ලස්සනයි නේ"

"වෙන්නැති "

"වෙන්නැති නෙමේ ඇත්තමයි"

"හිනා වෙද්දි කවුරුත් ලස්සනයි ජංකුක්"

ROGUE | Taekook [ COMPLETED ]Where stories live. Discover now