CHAPTER 15 - The New Wonderland

199 37 2
                                    

ජංකුක්ගෙ තීරණය මත ටේහ්‍යන්ව රැගෙන ජේහ්‍යුන් , වොන්හෝ සහ කායි ඔවුන් දැනසිටි බුසාන් ප්‍රදේශයේමධ්‍යයට වන්නට තිබූ ගම් ප්‍රදේශයක් වෙත යන්නට සැරසුනි.

"ටේහ්‍යන් අපි අදම පිටත් වෙන්න ඕනේ ඔයාට ශුවර්ද ඔයාට මාත් එක්කම ජීවත් වෙන්න ඕනෙ කියන එක මොකද මම නිසා ඔයාට කරදරයක් වුනොත් මට ජීවිතේට ඒක අමතක වෙන එකක් නෑ" ජංකුක් ටේහ්‍යන්ගෙ තීරණය පිළිබද යම් අප්‍රසාදයකින් පසුවූයේ ටේහ්‍යන්ගේම යහපත පිළිබදව සිතාය.

"අපි එන දේකට මුහුණ දෙමු අපිට ඕන විදිහට අපි ජීවත් වෙමු ඔයා බය වෙන්න එපා අපිට පුළුවන් හොදට ජීවත් වෙන්න" ජංකුක්ගෙ දෑත් අල්ලාගෙන ටේහ්‍යන් එසේ පැවසූවේ අව්‍යාජ ප්‍රේමයක් හිතේ රදවාගෙනය.

"අපි තව ටිකකින් යමු " ජංකුක් එසේ කියවාත් සමගම ඔවුන්ට වෙඩි හඩවල් කිහිපයක ශබ්දයන් ඇසෙන්නට වූයේ පහත මාලයෙනි.

"මොකක්ද ඒ සද්දෙ ජංකුක්" ටේහ්‍යන් බියෙන් එසේ ඇසුවේ ජංකුක්ට වෙඩි හඩ හුරුවූවාට ඔහුට එය නුපුරුදු නිසාය ජංකුක් සිදුවන්නෙ කුමක්ද යන්න සොයා බැලීමට පහත මාලය පෙනෙනා ස්ථානයකින් හිස මදක් දමා බැලූ අතර පොලිස් නිළධාරීන් විසින් කෙසේ හෝ ඔවුන් සිටි ස්ථානය දැනගෙන ඔවුන්ව හසුකර ටේහ්‍යන්ව බේරාගැනීමට පැමිණ ඇත.

"අපි දන්නවා ජංකුක් තමුන් උඩ ඉන්නවා කියන එක ගැන" එහි සිටි පොලිස් නිළධාරියෙකු ජංකුක් හට අනුතුරු අගවන්නට විය.

"ජංකුක් පොලිස්සිය ඇවිත් නේද අපි දැන් මොකද කරන්නෙ " ටේහ්‍යන් ජංකුක්ට වඩා කලබලයකින් පසුවූයේ ජංකුක්ව ඔවුන් අල්ලාගනීවි යයි බියෙනි.

"ඉන්න අපි අර පිටිපස්සෙ බටේ දිගේ පහලට ගිහිල්ලා කාර් එකේ පැනල යමු" ජංකුක්ගෙ සැලසුම එය විය.

"ඒත් ජංකුක් කාර් එක තියෙන තැන පොලිස්සියෙන් හිටියොත්"

"ඒකටත් මන් ගාව ප්ලෑන් එකක් තියෙනව ඉස්සෙල්ලා යමුකෝ" ජංකුක්ගේ තීරණයට අනුව ඔහු ටේහ්‍යන් සමග එම ගොඩනැගිල්ලේ ඉහත මාලයත් පහත මාලයත් හරහා සවි කර තිබූ යකඩ බටයක් ආධාරයෙන් එමතින් ලිස්සා පහලට ගිය අතට ඔවුන් දෙදෙනාම කිසිදු හඩක් නෑසෙන ලෙස ගොඩනැගිල්ලේ පසුපස කොටසින් ඉදිරිපස කොටසට යන්නට විය.

ROGUE | Taekook [ COMPLETED ]Where stories live. Discover now