CHAPTER 09 - Kidnapped By Love

243 50 3
                                    

ජංකුක්ගේ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස ටේහ්‍යන් හට සිදුවූ දෙයින් ප්‍රයෝජනගත් ජංකුක් ඇතුලු පිරිස ටේහ්‍යන්ව යම් ලොරි රථයක පිටුපස කොටසට දමා හොදින් වසන්නට විය.

"බොස් දැන් මූව කොහෙටද ගෙනියන්නෙ" එහි සිටි කාන්තාවක් ජංකුක්ගෙන් එසේ අසන්නට විය සැබැවින්ම ජංකුක් මේතාක් කාලයක් ටේහ්‍යන්ව රවටා ව්‍යාජ ආදරයක් පෙන්වා මෙලෙස සිදුකිරීමට සැලසුම් කරගෙන සිටියේ යමෙකුගේ ඉල්ලීම මතය.

"මමයි සුගයි ඌව ගෙනියනවා අපිට ඕඩර් එක ආපු විදිහට උන් කිව්ව තැනට ඒතැන ගැන දන්නෙ මන් විතරයි"

"හරි ඒත් බොස් මූට සිහිය ආවොත්"

"පිස්සුද බන් මූට සිහිය එන්නෙ නෑ පැය දොලහකටවත්" ජංකුක් එසේ පවසා සුගා නැමැති ඔහුහේ සගයෙකු සමග එම ලොරි රථය ක්‍රියාත්මක කරවාගෙන ධාවනය කරමින් ටේහ්‍යන්ව පැහැරගන්නා ලෙස පැවසූ පුද්ගලයාගේ අණ අනුව ඔහු කියූ ස්ථානයට රැගෙන යන්නට විය.

"බොස් ඇයි අපි මේ හයිවේ එකට දැම්මෙ චෙක් කරොත් එහෙම අරූව අහුවෙනවනේ"

"එහෙම වෙන්නෑ බන් අපි නෝර්මල් ගියොත් තමයි අහුවෙන්නෙ "

"ශුවර්ද බොස්"

"සීයට අනූවක්ම ශුවර් මතකනේ එදා අර කුඩු ටික පන්නද්දි අහු වෙලා වෙච්චෙ දේ එදා අපි නෝර්මල් පාරෙන් නෙ ගියෙ"

"හරි හරි බොස් කියනවනම් බයක් නෑ"

"ඒක නෙමේ මම මේ ටික අරගෙන යන්නම් දැන් රෑ නිසා නිදිමත ආවම මම උබට මේක අරගෙන යන්න දෙන්නම් හරිද එතකන් නිදාගනින්" ජංකුක් සහ සුගා එසේ කතිකාකරගත් ආකාරයට කටයුතු කරන්නට විය ඔවුන් මෙසේ ටේහ්‍යන්ව අධිවේගී මාර්ගය ඔස්සෙ අදාල ස්ථානයට ගෙන යන්නට වූ නිසා එම ලොරිය යම්හෙයකින් පොලිස්සිය නවත්වා පරීක්ෂා කළහොත් හසු නොවීම සදහා එය භාණ්ඩ ප්‍රවාහනය කරනා ලොරි රථයක් ලෙස ඒත්තු ගැන්වීම සදහා විවිධ ආහාර ගෝනි සහ යකඩ භාණ්ඩ වලින් පුරවා තිබුණි ගැටගැසූ ටේහ්‍යන්ව එම ලොරි රියේ මුල්ලකට දමා තිබුණේ ඔහුට පැනයාමට නොහැකි වන ලෙසය.

"බොස් මේකට කීයක් හම්බ වෙනද ? "

"මමනම් වොන් වොන් කෝටි දෙකක් ඉල්ලුවා ඇයි උබලත් මට සප් එක දුන්නනේ ඉතින් උබලටත් සලකන්න එපෑ"

ROGUE | Taekook [ COMPLETED ]Where stories live. Discover now