CHAPTER 11 - Did he really love him?

239 41 6
                                    

ආදරය යැයි සිතූ හැගුමන් අද තමන්ව සිරගතකර තබාගෙන සිටින බව වැටහුනු ටේහ්‍යන් හට එහි ශෝකය ඔහුගේ හදවත අධික වේදනාවක් ගෙන දෙන්නට විය ඔහුට එම සෑම මොහොතකම සිහි වූයේ තම මවවයි.

"අම්මා මාව හොයනව ඇති එයා කොහොම දරාගනීද මම එයා එක්ක නෑ කියලා දැනගත්තම" ටේහ්‍යන් එසේ සිතූ දෙය සත්‍යක් වී අවසන්ය කිම් චාවෝ මැතිණිය විසින් උදෑසන අවදි වූ සැනින් සිය නිවසේ සේවය කරනා සියලුම සේවකයන්ගෙන් ටේහ්‍යන් පිළිබදව අසන්නට වූ අතර ඔවුන් ඔහු යලි පැමිණෙන බව නොදුටු නිසා ඇය ඒන්ජල් හටද මේ පිළිබද දන්වා තනිවම සෝල් නගරයේ ප්‍රධාන පොලිස් ස්ථානය වෙත යන්නට විය.

"ඔෆිසර් මගෙ පුතා ගෙදර ආවෙ නෑ" ඇය ටේහ්‍යන්ට දැක්වූ ආදරය නිසාම ඔහුගේ එම අතුරුදහන් වීම නිසා ඇය හඩමින් එසේ පවසන්නට විය.

"ලිස්ට්න් මෑම් අපිට පැහැදිලිව විස්තරය කියනවද ? " එහි සිටි පොලිස් නිළධාරියෙකු විසින් ඇයගේ තත්වය තේරුම්ගෙන එසේ කාරුණිකවිය.

"මගෙ පුතා කිම් ටේහ්‍යන් එයා ඊයේ ඉදන් අතුරුදහන් එයා කවදාවත්ම එහෙම කරලා නැහැ"

"හරි අපිට තව විස්තර කියන්න"

"එයාට ඉන්නෙත් එක යාලුවයි ඒත් එයා එක්කවත් නෙමේ ගිහින් තියෙන්නෙ වෙන කෙනෙක් එක්ක"

"හරි ඔයා කියන විදිහට ඔයාගෙ පුතා සාමාන්‍යෙයෙන් රෑ වෙලා එලියට යන කෙනෙක් නෙමේද ? "

"නෑ ඔෆිසර් එයා එහෙම යන්නෙ නෑ"

"සමහරවිට එයා ඔයාලා එක්ක ඇතිවෙච්ච ප්‍රශ්නෙකට එහෙම ගෙදර ගිහින් ඉන්නවද දන්නෑ " පොලිස් නිළධාරියා තවත් මතයක් ගොඩනගන්නට වූයේ කිම් චාවෝ මැතිණියගේ හෘද ස්පන්ධනය ඉහත යවමින්ය.

"නෑ එහෙම දෙයක් වෙන්න බෑ මොකද එයා එහෙම දරුවෙක් නෙමේ එයාට ඊට කලින් ඕනතරම් ප්‍රශ්න වෙලා තියෙනවා ඒත් එයා මන් හින්දා ඉවසන ළමයෙක්"

"හරි අපි ඇන්ට්‍රි එකක් දාමු ඊට පස්සෙ අපි පරීක්ෂා කරලා බලන්නම්" කිම් චාවෝ විසින් ඇය දන්නා සියල්ල පවසා එසේ පොලිස් පැමිණිල්ලක් ගොනු කරන්නට විය අනුතුරුව ඇය සිය නිවසට නොගොස් තම දෙමාපියන් අසලට යන්නට වූයේ ඇය ඇයට දැනෙනා ඕනෑම ශෝකයකදී ඔවුන් අසලට යෑම තෝරාගෙන තිබූ නිසාය.

ROGUE | Taekook [ COMPLETED ]Where stories live. Discover now