CHAPTER 05 - What A Lustful Night 🔞

443 48 8
                                    

18 Plus Parts Are Included

ජංකුක් එතරම් කාලයක් තම සිතේ සගවාගෙන සිටි ප්‍රේමය ටේහ්‍යන් වෙනුවෙන් ප්‍රකාශ කළත් ඔහුගේ තීරණයට අනුව ජංකුක් අනුගතවෙමින් ටේහ්‍යන්ගෙන් සමාව අයදින්නට වූයේ ඔහුව අපහසුතාවයට පත්කරා දැයි සිතාය.

"සොරි කියන්න ඔයා වැරැද්දක් කරලා නෙමේ නේ මොකද මේ ජංකුක්"

"නෑ මම හිතුවා ඔයාට අපහසුවක් දැනුනද කියලා"

"අයියෝ එහෙම හිතන්න එපා ඔයා ඔයාගෙ හැගීම් ගැනනෙ කිව්වෙ ඉතින් ඇයි සොරි කියන්නේ"

"ටේහ්‍යන් මම එහෙනම් යන්නද මම මේ රෑ ඔයාට කරදරයක් උනානම් සමාවෙන්න" ජංකුක් ඔහුගේ හදවත බිදී යෑමේ ශෝකයෙන් ටේහ්‍යන් හට සමුදෙන්නට සූදානම් වී ඔහු දෙස නොබලාම ආ ලෙසටම පිටත් වන්නට සූදානම් විය ඔහු ජනේල් පඩිය වෙත නැග ගත්තේ ප්‍රවේශමෙන් වහලය මතින් ගොස් පිටව යාම සදහායි එහෙත් ටේහ්‍යන් එක්වරම ඔහුව නැවතත් තම කාමරය වෙත ඔහුගේ අතින් ඇද දමාගත්තේ ජංකුක්ව බියට පත් කරමින්ය.

"ටේහ්‍යන් ඔයා මොනාද කරන්නෙ මම බය වුනා"

"අම්මෝ කිසි දෙයකට බය නැති සිංහයෙක් වගේනේ ආවෙ ඔයා දැන් මොකද බය වෙලා"

"එහෙම තමා මාත් මනුස්සයෙක්නෙ බය ආදරය සතුට දුක ඔය ඔක්කොම දැනෙනවා" ජංකුක් නැවතත් නැගී සිටිමින් කෝපයෙන් මෙන් පවසන්නට විය එහෙත් ඒ සම්බන්ධව ටේහ්‍යන් කනස්සල්ලට පත්විය.

"ඇයි දැන් ඔහොම ඉන්නෙ "

"නෑ මුකුත් නෑ ඔයා යන්න ජංකුක්"

"බෑ මම යන්නෑ " ජංකුක් එසේ කියන්නට වූ සැනින් ටේහ්‍යන් ඔහුව වැළද ගන්නට වූයේ ඉතා ආදරයෙනි.

"ටේහ්‍යන් ඔ....ඔයා හොදින් නේද ? " ජංකුක් පුදුමයෙන් මෙන් ඇසුවේ ඔහුගේ එම හැසිරීම කිසිසේත්ම බලාපොරොත්තු නොවූ නිසාය.

"ඇයි මට ආදරේ කරන්නෙ ඔයා ඔයාට තිබ්බනේ වෙන කෙනෙක්ට ආදරේ කරන්න"

"එහෙම කොහොමද මට ආදරේ හිතුන කෙනාට එපැයිනෙ මම ආදරේ කරන්න"

"හේතුව මොකක්ද ඔයා මට ආදරේ කරන්න" ජංකුක් ටේහ්‍යන්ගෙ හිස මෘදුව පිරිමදින්නට වූයේ ඉතාමත් සෙනෙහසින්ය.

ROGUE | Taekook [ COMPLETED ]Where stories live. Discover now