CHAPTER 17 - THE END - The True Love

463 53 13
                                    

The Last Chapter
අවසන් පරිච්ඡේදය

අත්අඩංගුවට ගත් ජංකුක්ව එම දිනය සදහා පමණක් පොලිස් ස්ථානයේ සිරකුටිය තුල රැදවූ අතට ඔහුව මීළග දිනයේදී උසාවිය වෙත ඉදිරිපත් කර ඉදිරි තීරණය පිළිබද දැනුම්දීමක් සිදුවේ ටේහ්‍යන්ව නැවත නිවස බලා රැගෙන ගිය කිම් චාවෝ ඔහුත් සමග ජංකුක් පිළිබදව කිසිවක් නොවිමසා සිටියේ ඔහු සහ ජංකුක් අතර යම් සම්බන්ධතාවයක් තිබෙන බවට ඔහු දන්නා නිසාය.

"පුතා ඒන්ජල් හවසට ඔයාව හම්බ වෙන්න එන්නම් කිව්වනේ එතකන් ගිහින් වොශ් එකක් දාගන්න" ඇය තම පුත්‍රයාව ඔහුගේ කාමරය වෙත රැගෙන ගොස් එසේ පවසා ආපිට යන්නට වූයේ පොලිස් ස්ථානය වෙතටයි ඒ පොලිස් නිළධාරීන් විසින් ජංකුක්ගෙන් ඔහුගේ සියලු අපරාධ පිළිබද පාපොච්චාරණයක් ලබාගන්නා නිසාය.

ජංකුක් එහිදී ඔහු සිදුකළ සියලුම අපරාධ පිළිබද පාපොච්චාරණය කළ අතර එහිදී කිම් චාවෝ මැතිණිය එතරම් කාලයක් සැක කරමින් සිටි පුද්ගලයාම ජංකුක් හට ටේහ්‍යන්ව පැහැරගැනීමට භාර දී ඇත ඒ ඇය සිතූ ඇයගේම සැමියා වේ.

"මිසිස් චාවෝ ඔයාට ශුවර්ද ජංකුක් මේ කියපුවා" පොලිස් නිළධාරීන් එසේ විමසා සිටියේ ඔවුන්ටද ජංකුක් පැවසූ දෑ විස්මයට කරුණක් නිසාය.

"ඔව් මට සීයට සීයක් විශ්වාසයි" ඇය සෘජුව එය ප්‍රකාශ කර සිටියාය.

"හරි අපි ඔයාගෙ හස්බන්ඩ්ව ඇරෙස්ට් කරන්නම් අදම" ප්‍රධාන පොලිස් පරීක්ෂකගේ තීරණයට අනුව ටේහ්‍යන්ගෙ පියාව අත්අඩංගුවට ගැනීම සදහා ඔවුන් විශේෂ කණ්ඩායමක් ප්‍රකාශ කළ අතර ඔවුන් ඒ මොහොතේම ගොස් ඔහුව අත්අඩංගුවට ගන්නට විය මෙම පුවත පිළිබද දකුණු කොරියාව පුරා ව්‍යාප්ත වූයේ ලැව් ගින්නක් මෙනි.

එදින සවස් යාමයේ ටේහ්‍යන්ව හමුවීම සදහා ඒන්ජල් පැමිණි අතර ටේහ්‍යන් ඉතා ශෝකයෙන් ඇයව වැළදගෙන සිදුවූ සියල්ල පවසන්නට විය එහෙත් ඇයට ඔහු වෙනුවෙන් සිදු කළ හැකි වූයේ ඔහුගේ දුක විමසාගෙන සිටීම පමණකි.

තම පියාව හදිස්සියේ අත්අඩංගුවට ගැනීම පිළිබද පුදුමයටත් කෙසේ වෙතත් බිය වූ ජින් ඔහුවද මෙම සිදුවීම් වලට හසුවේවි යන බියෙන් සෝල් නගරයෙන් පලා යන්නට විය කිම් හෝ ජුන් තම සහෝදරයාව හමුවී ඔහුගේ දුක සැප විමසා නිසි සහෝදරයෙකුගේ වගකීම් ඉටු කරන්නට විය.

ROGUE | Taekook [ COMPLETED ]Tempat cerita menjadi hidup. Temukan sekarang