💥 Chapter 01 💥

645 76 12
                                    

"චීෆ් ඔයාව මීට් වෙන්න කෙනෙක් ඇවිත් ."

ඔෆිසර් කෙනෙක් ඇවිත් එහෙම කිව්වෙ තමන්ගෙ කැබින් එකට වෙලා ෆයිල් එකක් චෙක් කර කර හිටියෙ ජන්කුක්ගෙන් .

" කවුද ආවෙ ? "

"මින් යුන්ගි කියලා කෙනෙක් චීෆ් .මන් එන්න කියන්නද නැත්තන් මොකක්ද කියන්න ඕනේ ? "

"හ්‍යුන්ද එයාට එන්න කියන්න."

ජන්කුක් එහෙම කියලා තමන්ගෙ අතේ තිබ්බ ෆයිල් එකත් වහලා පුටුවෙන් නැගිට්ටා.ජන්කුක් පුටුවෙන් නැගිටලා තමන්ගෙ ටේබල් එක ඉස්සරහට යද්දිම වගේ යුන්ගි ජන්කුක්ගෙ කැබින් එකට ආවා.

"හ්‍යුන් මේ වෙලාවෙ ආවෙ ? මොකක්හරි හදිස්සියක්ද ? "

ජන්කුක් එහෙම අහන යුන්ගිට අතින් පෙන්නුවෙ සෝෆා එක ලගට යමු කියලා.

"එහෙම මොනවත් හදිස්සියක් නෑ.ඔයාව මතක් වුන හින්දා ආවෙ ජන්කුක් .මේ දවස් වල ඔයා ගෙවල් පැත්තෙ ආවෙත් නෑනේ.ඒකයි ආවෙ.ඔයා වැඩකනම් මන් පස්සෙ එන්නම්.මන් එනකොට ඔයා මොකක්හරි කර කරනෙ හිටියෙ .ඔයාගෙ ජූනියර් මට එහෙම තමා කිව්වෙ."

"ප්‍රශ්නයක් නෑ හ්‍යුන්.මට කතා කරන්න පුලුවන් .හ්‍යුන්ට මොනාද කියන්න තියෙන්නෙ ."

"ම්ම්.මෙහෙමයි ජන්කුක් .ඇත්තටම මට ඕනේ ඔයා ලව්වා දෙයක් හොයාගන්න.මේ වෙලාවෙ ඔයා ඇරෙන්න කවුරුවත් විශ්වාස කරන්න බෑ."

යුන්ගි එහෙම කියන ගමන් ජන්කුක්ගෙ මූණ දිහා බලද්දි ජන්කුක්ට තේරුනා යුන්ගි කියන්න හදන දේ සීරියස් දෙයක් කියලා.

"මොකක්ද හ්‍යුන් ? මොකක්හරි ප්‍රශ්නයක්ද ? "

"ඔව් ජන්කුක් .මන් ඔයාට මීට කලින් කිව්වනේ මගෙ ඔම්මයි අප්පයි ඇක්සිඩන් වුනා කියල.ඇත්තටම මට ඒ ගැන හොයන්න ඕනේ ජන්කුක් .මට හිතෙන්නෙ නෑ මේක නිකන් අනතුරක් විතරක් කියලා."

"හ්‍යුන් කියන්නෙ එතකොට කවුරුහරි හිතාමතාම මේ දේ කරල කියලද ? අන්කලුයි ආන්ටියි දෙන්නව ඇක්සිඩන් කරල කියලා."

"මට එහෙම හිතෙනවා ජන්කුක් .මොකද අප්පා කවදාවත් ඔම්මා එක්ක වාහනේ යද්දි කෙයාලස් විදිහට ඩ්‍රයිව් කරන්නෙ නෑ.විශේෂයෙන් ඔම්ම ඒ වෙලාවෙ හිටිය සිටුවේෂන් එකත් එක්ක කොටින්ම නෑ.අප්පා කොහොමත් අපි එක්ක ඉද්දි ගොඩක් පරිස්සමෙන් දෙවල් කරන්නෙ.එහෙම එකේ අප්පගෙ අතින් මෙහෙම දෙයක් වුනා කියල කිව්වට මට ඒක විශ්වාස කරන්න බෑ.මෙච්චර කාලයක් මන් මේ ගැන හෙව්වෙ නෑ.දැන් ඒ ගැන හොයන්න ඕනේ ජන්කුක් .මට හොදටම විශ්වාසයි කවුරුහරි හිතාමතාමයි මේ දේ කරේ කියලා."

💥 ℂ𝕣𝕚𝕞𝕚𝕟𝕒𝕝 𝕃𝕠𝕧𝕖 ( Complete)Where stories live. Discover now