විනාඩි ගාණක් යනකන් දියාගෙ ලිප්ස් උඩ දග කරපු යුන්ගි දියාගෙ ලිප්ස් වලින් ඈත් වුනේ තමන් මෙච්චර වෙලා හිර කරන් හිටිය හුස්ම නිදහස් කරලා හුස්ම ගන්න ගමන්.මොනා කරත් යුන්ගිගෙ ඇස් දෙකනම් බලාගෙන හිටියෙ දියා දිහාමයි .
දියා දිහා බලන් හිටිය යුන්ගිට එකපාරටම හිනා ගියේ කෙල්ලගෙ මූණ දැකලා."මටද ඔය හිනාවෙන්නෙ ? "
" සෝ කියුට් ඩාලින්.ඔයා තාමත් රතු වෙනවනේ.ලැජ්ජා වෙන්න එපා බබා."
යුන්ගි එහෙම කියද්දි දියා තමන්ගෙ රතු වෙච්ච මූණ නොපෙනන විදිහට මූණ හරවගත්තත් ඒකෙන් වුනේ යුන්ගිගෙ හිනාව තවත් වැඩි වුන එක.
"හිනාවෙන එක නවත්තන්න .ඔයා තමා වග කියන්න ඕනේ."
දියා අත් දෙකත් බැදගෙන එහෙම කියද්දි යුන්ගි
" මම මොකක්ද කරේ ? "
"මොකක්ද කරේ කියල අහන්නෙ.ඔයා තමා මාව රතු වෙන විදිහට වැඩ කරේ.එන්න එපා මෙතන මට හිනාවෙන්න."
දියා පොඩි එකෙක් වගේ රව රව යුන්ගිට එහෙම කියද්දි කොල්ල කරේ දියාව තමන්ගෙ ලගට ඇදල ගත්ත එක.
"එක කිස් එකකට මෙහෙම රතු වෙනවද ? බැරි වෙලාවත් ඊට වඩා දෙයක් වුනානම් ඔයාට හැංගෙන්න බිත්තර කට්ටක් මට ගෙනත් දෙන්න වෙනවා.My cute and shy lovely wife."
යුන්ගි එහෙම කියලා ආයෙත් හිනාවෙද්දි දියා යුන්ගිගෙ උරහිසට පාරක් ගැහුවත් කොල්ලනම් දියාව විහිලුවට ගන්න එක නැවැත්තුවෙ නෑ.
" ඔයාගෙ හබී පව් නැද්ද ? ඔහොම ගහන්න එපා."
යුන්ගි දියාගෙ අත් දෙකෙන් අල්ලන් එහෙම කියද්දි දියා කරේ යුන්ගිට රවපු එක.ඒත් කෙල්ල එකපාරටම මොකක්හරි මතක් වුනා වගේ කොල්ල දිහා බැලුවා.
"යුවී.එයාව එක්කන් යන්න ඕනේ."
" යුවී අද එයාගෙ හැල්මොනි එක්ක ඉදියි අදට විතරක් "
" ඒ වුනාට යුවී අපිව හෙව්වත්.යුවී තනියෙන් නිදාගෙන නෑ."
"තනියෙන් නෙමෙනේ ළමයො."
"හරි.ඒ වුනාට අපි දෙන්න නැතුව එයා ඉදල නෑ.ජන්කුක් යේහා දෙන්නත් නෑ.යුවී ඇඩුවොත්."