💥 Chapter 18💥

360 63 55
                                    


යුන්ගි යේහා දෙන්න ගොඩක් දේවල් ගැන කතා කරලා රූම් එකෙන් එළියට එනකොට දියා හැමදෙයක්ම වගේ ජන්කුක්ට කියලා තිබ්බෙ.දියාගෙ ඔම්මා තමන්ගෙ යාලුවෙක්ගෙ දිහා ගිහින් තිබ්බ හින්දා ගෙදර හිටිය මේ කට්ටිය විතරයි .

"ඒ කියන්නෙ යේහා යුන්ගි හ්‍යුන්ගෙ නංගි "

ජන්කුක් යේහා දිහායි යුන්ගි දිහායි බලාගෙන එහෙම කියද්දි ඒකට උත්තරේ දුන්නේ දියා.

" ඒ වගේම ජන්කුක් යේහා කියන්නෙ ඔයාගෙත් නංගි ."

"පිස්සුද ? "

"කොහෙද ජන්කුක් පිස්සු වෙන්නෙ.යුන්ගි කියන්නෙ ඔයාගෙ ඔම්මගෙ අයියගෙ පුතානේ.ඒ කියන්නෙ ඔයාගෙ මාමාගෙ.එතකොට යේහා කියන්නෙ ඔයාගෙ කවුද කියන්න බලන්න."

දියා හරියට පොඩි එකෙක්ට නෑදෑකම් ගැන උගන්නවා වගේ එහෙම කියද්දි දියාගෙ වැඩේට යුන්ගිත් හෙල්ප් එකක් දුන්නා.මොකද ජන්කුක් යුන්ගි දියා දෙන්නව චාටර් කරනවා වගේම දියා යුන්ගි දෙන්නත් ජන්කුක්ව චාටර් කරන්න අවස්ථාවක් ආවොත් ඒක නැති කරගන්න කැමති වුනේ නෑ.

" ඔයා කියනකන් මට ඒක මතක් වුනේ නෑනේ බබා.එතකොට යේහාට ඔප්පල දෙන්නෙක් ඉන්නවා."

යුන්ගි එහෙම කියන ගමන් චාටර් හිනාවක් ජන්කුක්ට දාන ගමන් සෝෆා එකෙන් ඉදගත්තා .

"එතකොට මේ දෙන්නගෙ රිලේෂන්ශිප් එක ගැලපෙන්න නෑ නේද දියා.හරියන්නෙ නෑ.අයියයි නංගි දෙන්න මැරි කරන්නෙ ."

"මගුලක් කියනවා "

"මගුලක් නෙමේනේ ජන්කුක් කිව්වෙ.මායි යුන්ගියි කිව්වෙ ඇත්තනේ.යේහා කියන්නෙ ඔයාගෙ නංගි ."

" නංගි නෙමේ නෑනා.මාමාගෙ දුව කියන්නෙ නෑනා.ඔයාල දෙන්න තමා මෙතන නෑදෑකම් පටලවන් තියෙන්නෙ.අපි දෙන්න නෑනයි මස්සිනායි.සෝ කිසි ප්‍රශ්නයක් නෑ ."

ජන්කුක් අත් දෙකත් බැදගෙන එහෙම කියද්දි දියා යුන්ගි දෙන්න දෙන්නට දෙන්නගෙ මූණ බලාගෙන හිනාවෙන්න ගත්තා.

"ආශ් මොකද හිනාවෙන්නෙ ආ ? "

ජන්කුක් එහෙම අහද්දි වුනේ යුන්ගි දියා දෙන්නගෙ හිනාව තවත් වැඩි වුන එක.

💥 ℂ𝕣𝕚𝕞𝕚𝕟𝕒𝕝 𝕃𝕠𝕧𝕖 ( Complete)Where stories live. Discover now