💥Chapter 10💥

223 50 42
                                    

" යේහා ඔයාගෙ මේ බෝයිෆ්‍රෙන්ඩ් කොහෙද අපිව එක්කන් යන්නෙ."

දියා යේහාගෙන් එහෙම ඇහුවෙ කාර් එක ඩ්‍රයිව් කරන ජන්කුක් දිහා බලාගෙනමයි.

"Wait and watch "

ජන්කුක් ඉස්සරහ බලාගෙනම එහෙම කියද්දි ඉස්සරහ පැසෙන්ජර් සීට් එකේ හිටිය යේහා ජනේලෙන් එළිය බලාගෙන හිනාවුනේ තමන්ගෙ වැඩේ ගැන හිතලා.

" ඔය දෙන්න මොන ගේමක් ගහන්නද යන්නෙ.ආවෙ හොස්පිටල් යනවා කියලනේ.හොස්පිටල් එක තියෙන්නෙ අනිත් පැත්තෙ .දැන් කොහෙද යන්නෙ කියනවා මට දෙන්නම.යුවීව ගන්නත් ලේට් වෙනවා."

දියා එහෙම කියලා කෑගහද්දි යේහා දාන් හිටිය සීට් බෙල්ට් එක ගලවලා පිටිපස්සට හැරුනා.

"ඔන්නි ඩෝන්ට් වොරි.යුවීව ඔම්මා එක්කන් යනවා කිව්වා.අද දවසම යුවී ඔම්මා එක්ක ඉදියි .යුවී ගැන බයවෙන්න එපා.අද දවස එන්ජෝයි කරන්නකො ඔයා."

"එන්ජෝයි.මොනා එන්ජෝයි කරන්නද ?"

" ආශ් දියා පොඩ්ඩක් ඉවසන්න බැරිද ඔයාට.මේ කෙල්ලොන්ටනම් ඇත්තමයි ඉවසීම ඇත්තෙම නෑ.ඉවසන් ඉන්න ඔයාටම බලාගන්න පුලුවන් වෙයි "

"මොනා බලන්නද ? ඔක්කොටම කලින් කියන්න දැන් කොහෙද යන්නෙ කියලා."

"සැලොන් එකට."

යේහා එහෙම කිව්වෙ දියාගෙන් බේරෙන්න බැරි බව දන්න නිසාමයි.

" ඒ මොකටද සැලොන් එකට යන්නෙ."

" යන්නෙද ? එළවළු ගන්න.ෆ්‍රෙෂ්ම ෆ්‍රෙෂ් ඒවා තියෙනවා ."

යේහා එහෙම කියද්දි කෙල්ල කිව්ව දේ නිසා ජන්කුක්ට හිනායන්න ආවත් කොල්ලා මාර ගේමක් දීලා හිනාව නවත්තගත්තා.

" ඔන්න එහෙනම් අපි ආවා."

ජන්කුක් එහෙම කියන ගමන් ස්පීඩ් එක අඩු කරලා කාර් එක නැවැත්තුවා .ජන්කුක් කාර් එක නැවැත්තුවට පස්සෙ යේහා තමන්ගෙ ඔඩොක්කුවෙ තියන් හිටිය බෑග් තුනත් අරන් කාර් එකේ දොර ඇරල කාර් එකෙන් එළියට බැහැලා ගිහින් පිටිපස්ස දොර ලගින් හිටන් හිටියෙ දියා කාර් එකෙන් බහිනකන්.

"ඔන්නි බහින්න."

දියා මිරර් එකක තට්ටුවක් දාන ගමන් එහෙම කියද්දි දියා කාර් එකෙන් බැස්සෙ තමන් බහිනකන් යේහා ඔතනින් අයින්වෙන්නෙ නෑ කියන එක දන්න නිසාමයි.

💥 ℂ𝕣𝕚𝕞𝕚𝕟𝕒𝕝 𝕃𝕠𝕧𝕖 ( Complete)Where stories live. Discover now