💥Chapter 08💥

214 56 52
                                    

යේහා යුන්ගි එක්ක ඇතුලට යනකොට සෝෆා එකේ ඉදන් හිටිය කෙනා නැගිට්ටා.ජන්කුක් හිටිය ඒ කෙනාට ඉස්සහරින් ඉදගෙන .සෝෆා එකේ ඉදගෙන හිටිය කෙනා පිටිපස්ස හරවන් හිටිය නිසා යුන්ගි යේහා දෙන්නට ඒ කවුද කියන එක හරියටම අදුනගන්න බැරි වුනා.කවුරුහරි ආව කියන එක තේරුන නිසා ඒ කෙනා පිටිපස්ස හැරුනෙ තමන්ගෙ පිටිපස්සට වෙලා ඉන්නෙ කවුද කියන එක බලාගන්න.

ඒ කෙනාව දැක්ක ගමන් යුන්ගි ගොඩක් කන්ෆියුස් වුනා වගේම කොල්ලගෙ කටින් හිනීයට වචනයක් පිටවුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඒ කෙනාව දැක්ක ගමන් යුන්ගි ගොඩක් කන්ෆියුස් වුනා වගේම කොල්ලගෙ කටින් හිනීයට වචනයක් පිටවුනා.එතන හිටියෙ ගෑණු කෙනෙක්.ඒ කෙනා දෙන්නටම ඇතුලට එන්න කියද්දි යේහා යුන්ගිත් එක්ක ඒ කෙනා ලගට ගිහින් ඒ කෙනාගෙ පැත්තෙන් හිටගත්තා .ඒ වෙලාවෙ යේහා වගේම ජන්කුක් හිටියෙත් බිම බලාගෙන.
එතන හිටිය ගෑණු කෙනා ආයෙත් ජන්කුක් දිහා හැරිලා කොල්ල දිහා බලන් හිටියෙ ගොඩක් කේන්තියෙන් .

"ජන්කුක් මොකක්ද මේකෙ තේරුම "

ඒ ගෑණු කෙනා එහෙම අහද්දි ජන්කුක් ඔලුව උස්සලා ඒ කෙනා දිහා බැලුවා.

"ඔම්මා මේ."

" ඔම්මා තමා ජන්කුක් .ඇයි මාව වෙන කෙනෙක් වගේද පේන්නෙ.මන් අහන්නෙ මොකක්ද නේ නටන නාඩගම."

ඒ ඇවිත් හිටියෙ ජන්කුක්ගෙ ඔම්මා.

"ඔම්මා පොඩ්ඩක් මන් කියන දේ අහන්නකෝ."

"අහන්න මොනා අහන්නද ජන්කුක්.මේ කරන වැඩේ හරි කියලද හිතෙන්නෙ.මේ කරන දේවල් වල තේරුම මොකක්ද කියන්න මට ඔක්කොටම කලින්.මන් කැමති නෑ මේකට."

"ඔම්මා මට කියන්න දෙන්න මුලින් .මන් ඔයාට කලින් කිව්ව ගෑණු ළමයා තමා යේහා."

"ඒත් ඔයා කිව්වද මේ ඉන්නෙ කලින් මැරි කරන්න හිටිය කෙනාගෙ නංගි කියලා.ඔයා මොන දේ කිව්වත් මන් මේකට කැමති නෑ ජන්කුක් .කවදාවත් මේක වෙන්න දෙන්නෙත් නෑ."

💥 ℂ𝕣𝕚𝕞𝕚𝕟𝕒𝕝 𝕃𝕠𝕧𝕖 ( Complete)Where stories live. Discover now