💥 Chapter 02💥

322 67 16
                                    

ජන්කුක් යුන්ගිට කතා කරපු නිසා යුන්ගි ආයෙත් පිටිපස්ස හැරිලා බැලුවා.

"කියන්න ජන්කුක් ."

"හ්‍යුන්ද පවුලෙ හිටිය එකම ළමයා.වෙන සහෝදරයො කවුරුවත් නැද්ද ? "

"නෑ .ඇයි එහෙම ඇහුවෙ ? "

"නිකන්.මොනවත් නෑ.ඒ ගැන හිතන්න එපා.මන් ඒක නිකමට වගේ ඇහුවෙ."

ජන්කුක් එහෙම කියලා හිනාවුනත් යුන්ගි ජන්කුක් දිහා බලන් හිටිය .මොකද මේ ටික කාලෙට වුනත් යුන්ගි ජන්කුක්ව තේරුම් අරන් හිටියෙ .

"ඔයා නිකමට දෙයක් ඇහුවෙ වෙන්න බෑ ජන්කුක් .එකපාරටම ඇයි මගෙන් ඔහොම දෙයක් ඇහුවෙ."

"හ්‍යුන්ට දැනගන්නම ඕනෙද මන් එහෙම ඔයාගෙන් ඇහුවෙ ඇයි කියලා."

"ඔව් "

"ඊට කලින් හ්‍යුන් කියන්න හ්‍යුන්ගෙ ඔම්ම ඇක්සිඩන් එක වෙලාවෙදි මොන වගේ සිටුවේෂන් එකකද හිටියෙ ."

"ඔම්ම ඒ වෙලාවෙ ප්‍රෙග්නට් වෙලා හිටියෙ ජන්කුක් .ඇක්සිඩන් එක වුනේ නැත්තන් මාස හයකින් අපේ ගෙදරට තව කෙනෙක් එකතු වෙන්න හිටියෙ .එහෙමනම් මම අද ඔප්පා කෙනෙක්හරි හ්‍යුන් කෙනෙක්හරි වෙලා."

"මාස දෙකයි.එහෙනම් ඒක වෙන්න බෑ.මන් හිතුවෙ දේ වැරදි ඇති එහෙනම්."

ජන්කුක් තමන්ටම හිමින් එහෙම මුමුණගනිද්දි යුන්ගි ජන්කුක් දිහා බලාගෙනමයි හිටියෙ .

"අයියෝ හ්‍යුන් මන් එහෙම ඇහුවෙ වෙන දේකට නෙමේ.ඇත්තටම මේකයි.හ්‍යුන්ට මල්ලි කෙනෙක් එහෙම නැත්තන් මාව මල්ලි විදිහට හදාගන්න කියන්න හැදුවෙ ඒකයි."

ජන්කුක් එහෙම අහන ගමන් යුන්ගි දිහා කියුට් විදිහට බලද්දි යුන්ගිට හිනා ගියා.

"මොකද හිනාවෙන්නෙ ? "

"හිනායන්නෙ නැද්ද ජන්කුක් .ඔයා මෙච්චර කියුට් කියල මම අදනෙ හරියටම දැනගත්තෙ.NIS ඔෆිසර් කෙනෙක් මෙච්චර හුරතල්ද ? "

"ඇත්තම කිව්වොත් මේක තමා මගෙ කුකී සයිට් එක.කුකී විදිහට ඉද්දි මන් කොහොමත් හුරතල් අහිංසක කියුට් කොල්ලෙක්නෙ."

"ඒකත් එහෙමද ? එතකොට අනිත් සයිට් එක මොකක්ද ? "

"ඒක හින්ද කොහොමත් හ්‍යුන් දැකල ඇතිනේ."

💥 ℂ𝕣𝕚𝕞𝕚𝕟𝕒𝕝 𝕃𝕠𝕧𝕖 ( Complete)Where stories live. Discover now