💥 Chapter 04💥

274 54 58
                                    

අද දවස ගැන කිව්වොත් අද යුන්ගිටයි දියාටයි ගොඩක් වැදගත් දවසක්.මොකද ඒ දෙන්නම අද එක්කෙනෙක් වෙන නිසා.යුන්ගි දියා දෙන්නටත් වඩා ඒ ගැන සතුටින් හිටියෙ වෙන කවුරුවත් නෙමේ යුවී.යුවී අද දියා ලගින් හෙල්ලුනේවත් නෑ.පුංචි කෙල්ල දියාව රෙඩි කරන තැනට වෙලා බලාගෙන හිටියෙ .දියාට මේකප් දාද්දි පවා පුංචි යුවී හිටියෙ දියාගෙ ඔඩොක්කුවෙ.මෙච්චර වෙල දියාගෙ රූම් එකට වෙලා හිටිය යුවී යේහාත් එක්ක රූම් එකෙන් එළියට ආවෙ යුවීට යුන්ගි ගාවට යන්න ඕන වුන නිසා.
යුන්ගි හෝසොක් එක්ක වෙඩින් එක තියෙන හොටෙල් එකට යන්න රෙඩි වෙද්දි යුවී දුවල ගිහින් එල්ලුනේ යුන්ගිගෙ අතේ.

"අප්පා යුවී අප්ප එක්ක යලවා."

පුංචි යුවී කටත් උල් කර කර එහෙම කියද්දි යුන්ගි යුවීව වඩාගත්තා .

"අප්පා උයා ගොඩාලියක් ලත්තනයි."

"එහෙමද පැටියෝ .හැබැයි ඉතින් අද මගෙ ඒන්ජල් ප්‍රින්සස් කෙනෙක් වගේ ලස්සනයි.නැද්ද හෝසොකා."

යුන්ගි එහෙම ඇහුවෙ තමන්ගෙ එහාපැත්තෙ හිටිය හෝසොක්ගෙන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

යුන්ගි එහෙම ඇහුවෙ තමන්ගෙ එහාපැත්තෙ හිටිය හෝසොක්ගෙන්.

"ඒකනේ .අද යුවී බබා තමා ලස්සනම."

"ඒක නෙමේ පැටියෝ ඔම්ම කෝ."

යුන්ගිට මෙච්චර වෙලා අහන්න ඕන වුන දේ යුන්ගි යුවීගෙන් අහද්දි හෝසොක් යේහා දෙන්නම හිනා වුනා.

"ඔප්පා කොච්චර හදිස්සි වෙන්න එපා ඔන්නිව බලන්න.තව වෙලා තියෙනවා හරිද ? යුන්ගි ඔප්පට මාර හදිස්සියක්නේ තියෙන්නෙ ඔන්නිව දකින්න."

"ඒකනේ යේහා.අපේ යුන්ගිට දියාව බලන්නෙ නැතුව ඉන්නම බෑනේ.අදනම් කොල්ල ඇස් අහකට ගන්න එකක් නෑ.හරියට එදා වගේ නැද්ද යුන්ගියෝ.ඔයාට කියන්න යේහා එදා පාටි එක වෙලේදි යුන්ගි දියාදිහා බලන් හිටියෙ හරියට වශීවෙලා වගේ.කූල් ඩ්‍රින්ක්ස් එක ගන්න ගිහිනුත් ඇගේ හලාගත්තා .අද මොනා වෙයිද දන්නෙ නෑ "

💥 ℂ𝕣𝕚𝕞𝕚𝕟𝕒𝕝 𝕃𝕠𝕧𝕖 ( Complete)Where stories live. Discover now