💥 Chapter 13💥

221 52 30
                                    

ජන්කුක් යේහාව දාලා ක්ලබ් එක ඇතුලට ගියාට පස්සෙ කෙල්ල බලන් හිටියෙ ජන්කුක් යන දිහා .කෙල්ලට ඒ වෙලාවෙ තමන්ගෙ ඇස් වලින් වැටෙන කදුලු වලට ඒ විදිහටම වැටෙන්න දුන්නා.යේහාට මේ වෙලාවෙ ඕන කරේ කාවහරි හග් කරන් අඩන්න .විශේෂයෙන්ම ජන්කුක්ව.

මොනවහරි හේතුවක් නිසා කෙල්ල ක්ලබ් එක ඇතුලට යන්න බය වුනත් කෙල්ල ඊට වඩා බයවෙලා හිටියෙ තනියෙන් එලියට වෙලා ඉන්න වෙන එක ගැන.ක්ලබ් එක ඇතුලට යන්න කොච්චර බය වුනත් කෙල්ල ක්ලබ් එක ඇතුලට යන්න තීරණේ කරා.මොකද කෙල්ලට බලාපොරොත්තු වෙච්ච ආරක්ෂාව දෙන්න පුලුවන් කෙනා ජන්කුක් නිසා.

ජන්කුක් ක්ලබ් එක ඇතුලෙ ඉන්න නිසා කෙල්ල තමන්ගෙ ඇස් වලින් වැටෙන කදුලු පිහදගෙන ක්ලබ් එක ඇතුලට ගියත් තියන අඩියක් අඩියක් ගාණෙ වුනේ කෙල්ලගෙ හිතේ තිබ්බ බය තවත් වැඩි වුන එක.තියෙන අඩියක් අඩියක් ගානෙ කෙල්ල මෙච්චර කාලයක් අමතක කරන්න උත්සාහ කරන්න හදන සිදූවීමක් කෙල්ලගෙ හිතේ හොල්මන් කරන්න ගත්තා.

යේහා  ක්ලබ් එක ඇතුලට ගිහින් ක්ලබ් එකේ ඇතුලට ගිහින් වටේම බැලුවෙ ජන්කුක් ඉන්නෙ කොහෙද කියලා.ජන්කුක් හොයද්දි කෙල්ල දැක්ක ජන්කුක් ටිකක් ඈතට වෙන්න ඉදගෙන ඉන්නවා.කෙල්ලට එතනට යන්න ඕන වුනත් ඒ වෙලාවෙ ජන්කුක් හිටියෙ කාත් එක්ක හරි කෝල් එකක.ජන්කුක් ආයෙත් තමන්ට කෑගහයි කියන බය නිසාම යේහා ජන්කුක් ගාවට යන්නෙ නැතුව එතනට වෙලාම හිටන් හිටිය .

යේහා ඇස් දෙකේ කදුලු පුරවගෙන ආයෙත්  ජන්කුක් දිහා බලද්දි ඒ වෙලාවෙ කොල්ල බලන් හිටියෙ යේහා දිහා.ජන්කුක් ඇස් තමන්ගෙ ඇස් එක්ක ගැටෙද්දි යේහා තමන්ගෙ ඇස් ජන්කුක්ගෙ ඇස් වලින් අහකට ගත්තා.යේහා ජන්කුක්ගෙ මූණ දිහා බලන්නෙ නැතුව බිම බලාගනිද්දි කොල්ල ඉදගෙන හිටිය තැනින් නැගිටලා කෙල්ල ලගට ආවා.

ජන්කුක් යේහා ලගට ගිහින් යේහාගෙ අතින් අල්ලලා තමන්ගෙ කාර් එකේ කී එක කෙල්ලගෙ අතින් තිබ්බා.

"ඔයාට මෙතන ඉන්න බැරිනම් ගිහින් කාර් එකට වෙලා ඉන්න."

ජන්කුක් එහෙම කියන ගමන් බැලුවෙ කෙල්ලගෙ අත් දෙක දිහා.මොකද යේහාගෙ අත් බය නිසාම ගැහි ගැහි තිබ්බෙ.

💥 ℂ𝕣𝕚𝕞𝕚𝕟𝕒𝕝 𝕃𝕠𝕧𝕖 ( Complete)Where stories live. Discover now