💥 Chapter 05💥

245 57 35
                                    


යුන්ගි ලගට ගියාට පස්සෙ දියා බලන් හිටියෙ යුන්ගි දිහා.ලගට ගියාට පස්සෙ විතරක් නෙමේ ඊට කලින් ඉදන්ම කෙල්ල බලන් හිටියෙ යුන්ගි දිහාම තමා.මොකද අද කොල්ල ගොඩක්  handsome වෙනදටත් වඩා.

යුන්ගි දියාගෙ අතින් අල්ලන් දියා එක්ක හිනා වෙද්දි දියාත් යුන්ගි එක්ක හිනා වුනා.ඒත් ඒ වෙලාවෙ දියා බලන් හිටියෙ යුන්ගිගෙ ඇස් දිහා.යුන්ගිගෙ ඇස් දිහා බලන් ඉද්දි දියා ඒ ඇස් වලින් දැක්කෙ ආදරේ.

යුන්ගිගෙ ඇස් දිහා බලන් හිටිය දියා ආයෙ තමන්ගෙ ඇස් ගෙනිච්චෙ ජන්කුක්ගෙ එහාපැත්තෙ හිටිය කෙනා ලගට.ඒ කෙනා දිහා බලලා ආයෙත් යුන්ගි දිහා බලපු දියා හරියට හිටියෙ තමන් වැරැද්දක් කරා වගේ.

"දියා මොකක්හරි ප්‍රශ්නයක්ද ? "

යුන්ගි එහෙම ඇහුවෙ දියාගෙ මූණ වෙනස් වුන නිසා.

" ඔයාට ප්‍රශ්නයක් නැද්ද ? "

යුන්ගි ඇහුව වගේම දියාත් යුන්ගිගෙන් අහද්දි කොල්ල කරේ හිනාවෙලා උත්තර දුන්න එක.

"මට .මට මොන ප්‍රශ්නයක්ද ?මන් මේ හොදින් ඉන්නෙ."

"මන් කිව්වෙ එහෙම දෙයක් නෙමේ යුන්ගි .මන් අහන්නෙ අප්පා ආව එක ඔයාට ප්‍රශ්නයක් නෙමේද ? ඇත්තටම මම අප්පට කිව්වෙ නෑ මම මැරි කරන්න යනවා කියලා.අප්පා එකපාරටම හෝල් එකට ආවට පස්සෙ මට මුකුත් හිතාගන්න බැරි වුනා.ඇත්තටම "

දියා තව මොනවත් කියන්න ගියත් යුන්ගි දියාව නැවැත්තුවා .

" මට ඒක ප්‍රශ්නයක් නෙමේ දියා.මට ඒ හැමදේකටම වඩා වටින්නෙ මොකක්ද කියලා ඔයා දන්නවනේ.මට මෙතන ඉන්නෙ කවුද කියන එක වැදගත් නෑ.මට වැදගත් ඔයාව විතරයි .ඔයා ඒ ගැන හිතන්න ඕනේ නෑ.මොනාවුනත් ඒ ඔයාගෙ අප්පනේ.දුවගෙ වෙඩින් එකට අප්ප අනිවාර්යයෙන් ඉන්න ඕනෙනෙ."

"ඇත්තටම ප්‍රශ්නයක් නැද්ද ? "

"මන් දැන් කිව්වනේ .කිසි ප්‍රශ්නයක් නෑ."

යුන්ගි එහෙම කියද්දි දියා හිනා වුනා.

"ඔය දෙන්න ලෑස්තියිනම් අපි පටන්ගමු."

ෆාදර් මේ දෙන්න ලග ඉදන් එහෙම කියද්දි යුන්ගි දියා දෙන්නම ඒකට උත්තර දුන්නෙ තමන් ලෑස්තියි කියලා.
දෙන්නගෙ උත්තරෙත් එක්ක ෆාදර් තමන්ගෙ වැඩ පටන් ගත්තා.

💥 ℂ𝕣𝕚𝕞𝕚𝕟𝕒𝕝 𝕃𝕠𝕧𝕖 ( Complete)Όπου ζουν οι ιστορίες. Ανακάλυψε τώρα