💥 Chapter 14💥

215 52 34
                                    

" පුතා "

ජන්කුක්ගෙ ඔම්මා කිචන් එකේ ප්‍රැන්ට්‍රි එකකට හේත්තුවකුත් දාන් කොෆි එකත් අතේ තියන් ලොකු කල්පනාවක හිටිය ජන්කුක්ට කතා කරා.

"කියන්න ඔම්මා.ටැක්සි එක ආවද ? "

ජන්කුක් එහෙම කියන ගමන් තමන්ගෙ අතේ තිබ්බ කොෆි මග් එක ටේබල් එක උඩින් තියලා තමන්ගෙ ඔම්මා ගාවට ගියා.

"ඔව්.මේ වගේ වෙලාවක ඔයාලව දාලා යන්න මට හිත දෙන්නෙ නෑ.යේහාට හොදටම සනීප නෑ.මම අනිවාර්යයෙන් යන්න ඕනෙ හින්දා මොකක් කරන්නද මන්දා."

ජන්කුක්ගෙ ඔම්මා එහෙම කියද්දි කොල්ල තමන්ගෙ ඔම්මගෙ කර වටේ අත දාන් තමන්ගෙ ඔම්මගෙ කම්මුල් පෙක් එකක් දුන්නා.

"ඔම්මා ඒ ගැන හිතන්න එපා.යේහාව බලාගන්න මන් ඉන්නවනේ.අනික ඔම්මා මීටින් එකට යන්නම ඕනෙනේ.මාත් බිසනස් ගැන බලන්නෙ නැති එකේ ඔම්මා අනිවාර්යයෙන් ඉන්න ඕනෙනෙ."

"ඒත් "

"අයියෝ ඔම්මා.මන් කිව්වනේ.මට තියෙන අවුල ඔම්මව එයාපෝට් එකට දාන්න එන්න වෙන්නෙ නැති එක ගැන."

"මට ටැක්සි එකක යන්න පුලුවන් .අනික ලන්ඩන් වලට ගිය ගමන් සෙකට්‍රි මාව ගන්න එයි.ඔයා යේහාව බලාගෙන ගෙදරට වෙලා ඉන්න.අනික යුවීත් තමා ඉන්නව."

ජන්කුක් ඔම්මා එහෙම කියන ගමන් බැලුවෙ ලිවින් රූම් එකට වෙලා ටීවී බල බල ඉන්න යුවී දිහා.

ගෙදර ඉස්සරහ නවත්තලා තිබ්බ ටැක්සි එක හෝන් එක ගැහුව හින්දා ජන්කුක් තමන්ගෙ ඔම්මගෙ බෑග් එකත් අරන් ඔම්ම එක්ක ගෙදරින් එලියට ගියා.ටැක්සි එක නතර කරලා තියෙන තැනට ආවට පස්සෙ කොල්ල තමන්ගෙ ඔම්මව තද කරලා බදාගනිද්දි ජන්කුක්ගෙ ඔම්මත් තමන්ගෙ පුතාව ගොඩක් ලෙන්ගතු විදිහට වැළදගත්තා.

ජන්කුක්ව හග් කරන් ඉන්න ගමන්ව කොල්ලගෙ ඔම්මා කොල්ලට කනට කරල කිව්ව දෙයක් නිසා කොල්ල තමන්ගෙ ඔම්මගෙන් ඈත් වෙලා ඇස් දෙකක් ලොකු කරන් බලන් හිටිය .

" මාව ඉක්මනටම හැල්මොනි කෙනෙක් කරන්න කොල්ලො."

"ඔම්මා ඔයානම් "

"මාත් ආසයිනේ මගෙ මිණිබිරී එක්ක හරි මුණුබුරා එක්ක හරි සෙල්ලම් කරන්න."

💥 ℂ𝕣𝕚𝕞𝕚𝕟𝕒𝕝 𝕃𝕠𝕧𝕖 ( Complete)Tempat cerita menjadi hidup. Temukan sekarang