💥Chapter 06💥

248 55 39
                                    


කපල් එක තමන්ගෙ අලුත් ගෙදරට  පිටත් වුනාට පස්සෙ  ජන්කුක් යේහාත් එක්ක තමන්ගෙ ගෙදරට ගියා.උදේ වෙච්ච දේත් එක්ක යේහාගෙ මූඩ් එක පොඩ්ඩක් විතර වෙනස් වෙලා තිබ්බත්.ටිකෙන් ටික ඒක වෙනස් වුනා.ජන්කුක්ට පේන්න තමන් හොදින් ඉන්නව වගේ පෙන්නුවත් යේහා ජන්කුක් එක්ක කාර් එකේ යන ගමනුත් හිතුවෙ නමට වුනත් තමන්ගෙ අප්පා වෙච්ච මිස්ටර් ශින් ඉස්සරහදි මොනා කරයිද කියන එක ගැන. මොනාවුනත් කෙල්ලගෙ හිතේ දියාගෙ අප්පා ගැන තිබ්බ බය නැති වෙලා තිබ්බෙ නෑ.අද උදේ වෙච්ච දේත් එක්ක කෙල්ල බයවෙලා හිටියත් කෙල්ල ඒක ජන්කුක්ට පෙන්නුවෙ නෑ.කෙල්ල ඒ ගැන හිත හිත හිටය නිසා කෙල්ලට තේරුනේවත් නෑ ජන්කුක් කාර් එක නැවැත්තුවා කියන එක.ජන්කුක් යේහාගෙ අතින් අල්ලලා කතා කරපු නිසා කෙල්ල කල්පනා ලෝකෙන් මිදිලා ජන්කුක් දිහා හැරිලා බැලුවා.

" මොනාද ඔච්චර හිතන්නෙ ? "

ජන්කුක් ඇහි බැමත් උස්සලා යේහා දිහා බලාගෙන එහෙම අහද්දි යේහා මොනවත් නොවුන ගාණට ජන්කුක් එක්ක වුනා.

"ඇත්තටම ඔප්පා මන් හිතුවෙ මේ යුන්ගි ඔප්පටයි ඔන්නිටයි මොකක්ද දෙන ගිෆ්ට් එක කියලා."

"ඒක ගැනද ඔච්චර කල්පනා කරේ වෙඩින් එකේ ඉදන් එන ගමන්ම ."

"ඔව්.මොනවත් ගිෆ්ට් එකක් දෙන්න බැරි වුනානේ.ගොඩාක් මතක හිතෙන දෙයක් දෙන්න ඕනෙ ඒ දෙන්නට."

" අයියෝ යේහා මන් වගේ ස්මාට් බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඔයා ලග ඉද්දි ඕක ගැන ඔච්චර හිතන්න ඕනෙද ? මම දැනටමත් ඒක සිලෙක්ට් කරල ඉවරයි .ඔයා තමා කියන්න ඕනේ ඒක ගැළපෙනවද කියලා."

"මොකක්ද ? "

"ඒකනම් යේහා දැන්ම කියන්න බෑ.මන් ගෙදරට ගිහාම ඔයාට පෙන්නන්නම්."

"මොකක්ද කියන්නකෝ."

"හදිස්සි වෙන්න එපා ඩාලින්.දැන්ම කියන්න බෑ.ගෙදරට ගිහාම කියන්නම් ඉතින් ."

ජන්කුක් එහෙම කියන ගමන් කාර් එකේ දොර ඇරල එළියට බැස්සට පස්සෙ යේහාත් ඒත් එක්කම වගේ එළියට බැස්සා.දියාටයි යුන්ගිටයි ජන්කුක් ගත්ත ගිෆ්ට් එක මොකක්ද කියලා දැනගන්න තිබ්බ හදිස්සිය නිසාම කෙල්ලත් ජන්කුක් එක්කම ගේ ඇතුලට ගියා.
ගේ ඇතුලට ගිය ගමන් කොල්ල තමන් දාන් හිටිය කෝට් එක ගලවලා අතින් කොණ්ඩෙත් අවුස්සලා ලිවින් රූම් එකේ තිබ්බ සෝෆා එකෙන් ඉදගත්තා.

💥 ℂ𝕣𝕚𝕞𝕚𝕟𝕒𝕝 𝕃𝕠𝕧𝕖 ( Complete)Where stories live. Discover now