🌿 37 Chapter 🌿

586 116 39
                                    

Look into your heart
You will find
There's nothin' there to hide
Take me as I am
Take my life
I would give it all
I would sacrifice

............................................................

Jimin pov,

කුකී තනිකරම මට මායාවක් වගෙ උනා.. එයා පුදුමයි... ඔව්..එයා මට දරා ගන්න බැරි තරම් ආදරයක් මේ දවස් කීපයට දුන්නා.. එයාගෙ සම්පූර්ණ අවධානෙ එයා මට දෙන කොට මට ඒ හැගීම් විදගන්න බැරුව ඇඩුනා.. එයා මට ආදරේ දුන්නා..මට එහෙම හිතෙන්න ගත්තා.. මන් දන්නෙ නැ. මගෙ ඉල්ලීමක් නිසා එයාට පුලුවන් ද කියලා මේ වගේ හැගීම් ගොන්නක් මට දෙන්න, මට ආදරෙ කරනවා වගෙ දැනෙන්න දෙන්න.. මගෙ හැමදේම හොයලා බලලා කරන්න.. ඒත් මට එයාගෙ හුස්මකින් පාවා දැනෙන්න ගත්තෙ ආදරෙ....

එක එයා මට ඇගෙව්වා වගෙ මට දැනෙන්න ගත්තා. ඉතින් මන් අතරමන් උනා..එයා මට ආදරෙයිද ? ඔව් මට ඒක එහෙම දැනෙනවා.. එත් එයා මට මෙ වෙනකන් කිසිම විදිහකින් ඒක කීවෙ නැ වගේම මට අපෙ පප්ලා එක්ක ඉන්න දෙනවා කීවෙත් නැ. ඉතින් මන් අතරමන් උනා...

ඊටත් වඩා මට සතුටු හිතුනේ මෙ ගෙවුනු කාලය පුරාවටම මගෙ කුකී ටේහියුන් ගැන කීවෙ නෑ වගේම එයා මේ ගෙදරට ආවෙත් නැ..හරියට කුකීගෙ ජීවිතේ මන් විතරක් හිටියා වගෙ එයා මට ලන් උනේ.. මෙ ගේ දැන් තනිකරම අපි දෙන්නගෙ ලස්සන මතක වලින් පිරෙන්න අරන් තිබුනා.. තාව දුරටත් මට හිතුනෙ නෑ මන් ඉන්නෙ පිට තැනක කියන්න.. මට මේ ගෙ අපේම ගෙදර, අපි දෙන්නගෙ ගෙදර කියලා දැනෙන්න ගත්තා..

ඒ වගේම මට දැනුනා මගේ පපුවෙ කැක්කුම දවසින් දවස අඩු වෙනවා. මට වෙනදට වඩා සනීපයක් දැනුනත් අපෙ පැටව් නිසා මට ටිකක් විතර අමාරු උනා.. මට එක විදිහට ඉන්න එක පවා අමාරු උනේ බන්ඩිය එන්න එන්නම තවත් ලොකු උනු නිසා..

මන් කාමරේට වෙලා හිටියෙ කූකී පහලට ගිහින් එන්නම් කියපු නිසා එයා එනකන් දොර දිහාම බලාන. මට ඕනික් උනෙ නෑ මොහොතකටවත් එයාගෙන් ඈතට මගෙ ඇස් ගන්න. මට ඔනි උනෙ කුකී ගාවම ඉන්න..

ජිමිනී....

ඇල්ෆා...

එයා හිටියෙ අතේ මොකක්දෝ පාර්සලයකුත් අතෙ තියන්..මොකක්ද එ?

The Hymn of death                                                   ( Complete )Where stories live. Discover now