🌹Chapter 01🌹

1K 89 0
                                    

"යාහ්!Jia,ඉක්මනට එනවා!gate එක වහන්න යන්නේ!"

අර ගිරිය කඩාගෙන කෑ ගහන්නේ tae.ඒ කිව්වේ තෙහස්.මගේ one & only best friend.Nursery school යනකාලේ ඉඳන්ම පටන් ගත්ත අපේ යාලුකම අදටත් වෙනස් වෙලා නෑ.පොඩිකාලේ ඉඳන්ම හැමදාම වගේ මං එන්න පරක්කු උනොත්,tae හැමදාම gate එක ලඟට වෙලා බලන් ඉන්නවා මං එනකන්.අදත් එහෙමයි.School bus එක මඟදි breakdown උන නිසා අද ටිකක් පරක්කු උනා.

එයා school එකේ prefect කෙනෙක් නිසා මං පරක්කු උනත් පොඩි ශේප් පාරක් දාගන්න පුළුවන් වෙයි.නැත්තං ඉතිං toilets ගාව කුණු අදින්න තමයි වෙන්නේ.

🐯: යාහ්!මැටි අලේ!මං කියලා තියෙනවා නේද වෙලාවට එන්න කියලා.අැයි පරක්කු උනේ?

Tae ගේ මූණ රතු වෙනවා පොඩ්ඩක් අැත්තං කෑ ගහද්දි.එයා ලංකාවේ හිටියට අපි වගේ පෙනුමක් නම් නෙවෙයි එයාට තිබුනේ.එයාට තිබුනේ සුදු පාට වීදුරුවක් වගේ පැහැදිලි හමක්.අැස් 2 ත් ටිකක් විතර හීනියි.

ඒකට හේතුව නම් මේකයි.Tae ගේ අම්මා කොරියාවේ කෙනෙක්.තාත්තා ලංකාවේ.එයාගේ තාත්තා කොරියාවේ වැඩ කරන්න ගිහින් ඉන්නකොටලු අම්මව හම්බ වෙලා දෙන්නා යාලු වෙලා තියෙන්නේ.ඉතිං එයාගේ තාත්තා මෙහේ නිසා එයාව අම්මට හම්බවෙන්න ඉද්දි තමයි මෙහේ ඇවිත් තියෙන්නේ.

එදා ඉඳලා ඉතිං එයාලා දිගටම මෙහේ තමයි.Tae ත් එක්ක මං පොඩි කාලේ ඉඳන්ම ඉන්න නිසා මට හොඳට කොරියන් කතා කරන්න පුලුවන්.එයයි මායි කතා කරන කොට කොරියන් - සිංහල සම්බෝලේ වගේ තමයි.භාෂා 2ම mix කරලා තමයි කතා කරන්නේ😂

"මේ,dessert එකට මොනවද ඕනේ?fruit salad ? නැත්නම් ice cream ?"

ලැජ්ජාව බාල්දියෙන් එකයි🙂.මං මෙච්චර වෙලා ඉඳලා තියෙන්නේ මේ මෝඩයා⁣ගේ මූණ දිහා බලා ගෙනනේ. Tae මගේ මූණට ලං වෙලා කතා කරාම තමයි මං මේ ලොකේට ආවේ.

"අනේ මේ! යනවා යන්න"

"මෙන්න වැඩක්!මෙයාම මගේ දිහා බලන් ඉඳලා දැන් යන්නලු."

Tae කටත් උල් කර කර කියද්දි මට හිනා ගියා.

"කවුද දැන් ඔයා දිහා බලන් හිටියේ.මං බැලුවේ ඔයා උදේට මූණ හෝදල ද නැද්ද කියලා"

එයාට එහෙම කියලා විරිත්තලා මං class එක පැත්තට ගියා.

අපි දෙන්නම A/ls වලට කරේ maths.Tae යි,මායි දෙන්නම එකම class එකේ තමයි හිටියේ.Tae තමයි ඉතිං පංතියෙම මොළකාරයා.මොන sir,miss ආවා උනත් ඒ හැමෝම Taeට ගොඩක් කැමතියි.ආදරෙයි.එයා ඇත්තටම කීකරු හොඳට ඉගෙන ගන්න පුළුවන් ළමයෙක්.ඒක නිසා වෙන්න ඇති හැමෝම එයාට කැමති.

~So,we met again~|| KTH ✔ Donde viven las historias. Descúbrelo ahora