🌹Chapter 04🌹

326 64 0
                                    

"Jia,අපි හවසට KCC යමුද film එකක් බලන්න?Matrix film එක ඇවිත්"

Interval එකෙන් පස්සේ Tae මගේ ලඟට ඇවිත් ඇහුවා.

"ම්ම්...යමු.."

"තව...මට ඔයාට කියන්න දේකුත් තියෙනවා."

"මොකක්ද?කියන්න ඉතිං"

මෙන්න වැඩක්.ඒ පාර කෙල්ලෙක් වගේ ඇඹරෙනවා මෙයා.

"ඒක දැන් කියන්න බෑ.මං එහෙට ගියාම කියන්නම් හොඳද?"

"හ්ම්.ඒකත් එහෙමද?හාකෝ හාකෝ."

"තෙහස්,prefect meeting එකක් තියෙනවා කියලා ⁣sherin miss ඔයාට එන්න කිව්වා main hall එකට."

Class එකේ හිටපු ලමයෙක් ඇවිත් tae ට පනිවිඩයක් කිව්වා.

"හරි.මං එන්නම්."

Tae නැඟිටලා class එකේ දොර ගාවට ගිහින් ආයෙත් මගේ දිහාට හැරුනා.

"Jia,හරියටම හවස 04ට ලෑස්ති වෙලා ඉන්න."

"හරි අනේ.මට මතකයි."

මං එහෙම කියද්දී Tae හරි ලස්සනට හිනා උනා.එයා එහෙම හිනාවෙද්දි නම් හරියට පොඩි ලමයෙක් වගේ.හරිම cute..

******************************************

"ලමයි,අද sherin miss ට meeting එකක් නිසා අද class එකට එන්න වෙන්නේ නෑ කියලා text book එකේ තියෙන ඊලඟ exercises ටික කරන්න කිව්වා."

Sherin miss Jithmi අතේ පනිවිඩයක් එවලා තිබ්බා.

"ආහ්!ඔව්නේ.Sherin miss නේ prefectලා බාරව ඉන්නේ.ඒකත් හොඳයි.මට පොඩි nap එකක් දාන්න පුළුවන්."

එහෙම හිතලා මං චුට්ටක් desk එකේ ඔලුව තියා ගත්තා විතරයි,එකපාරටම කවුද මන්දා මගේ ඔලුවට තට්ටුවක් දැම්මා.මං තට්ටුව දාපු මනුස්සයට හොඳට අමතන්න කියලා හිතලා ඔලුව උස්සද්දී,මං දැක්කේ මගේ ඉස්සරහ පුටුවකුත් දාගෙන වාඩිවෙලා,හිනාවීගෙන ඉන්න මහීව.

එයාගේ ඒ හිනාව හරිම ලස්සනයි.කෙල්ලෝ ඉතිං පිස්සු වැටෙන එක අහන්නත් දෙයක්ද?මං එයා දිහා බලන් හිතුවා.

"Jia,මං ඔයාට කැමතියි."

මොකක්?මේක නම් හීනයක්ම තමයි.හීන දකිනවා කියලා ඔහොමත් හීන දකිනවද මං අහන්නේ?එහෙම හිතලා මං ඉක්මනට මගේ අත කොනිත්ත ගත්තා.ඒක දැකලා මහී ආයෙත් හිනා උනා.

~So,we met again~|| KTH ✔ Where stories live. Discover now