🌹Chapter 18🌹

311 58 2
                                    

---Author's POV---

"Tae!"

Jia ඔලුව උස්සලා බලද්දී කෙල්ලට කුඩේකුත් ඉහලගෙන කෙල්ලගේ ඉස්සරහා වාඩිවෙලා හිටියේ තෙහස්.කොල්ලා තාමත් ඉවරයක් නැතුව කෙල්ලගේ ඇස් වලින් ගලන කඳුලු සීරුවට පිහදැම්මා.

"මං හිතන්නේ දැන් නම් මට හොඳටම පිස්සුද කොහෙද?නැත්තං කොරියාවට ගියපු මනුස්සයා කොහොමද මං ඉස්සරහා ඉන්නවා වගේ පේන්නේ?"

කෙල්ල හිටියේ කටත් ඇරන් කොල්ලා දිහා බලාගෙන.කෙල්ල හිමීට තාමත් කෙල්ල ඉස්සරහා ඉන්න කොල්ලගේ කම්මුලකට ඇඟිල්ලකින් ඇන්නේ කෙල්ල දකින්නේ ඇත්තක්ද කියලා බලන්න.කොල්ලට එකපාරටම හිනා ගියේ Jia කරපු වැඩේට.

"ඔ...ඔයා..ගියේ නැද්ද එතකොට?"

කෙල්ල කොල්ල⁣ගෙන් ඇහුවේ කටට අතකුත් තියාගෙන ඇසුත් බෝල කරන්.

"අනී..Jin හ්යොන්ග්ට හදිස්සි වැඩක් තියෙනවා කියලා මට කිව්වා ඒරාවයි එයාගේ යාලුවෝ ටිකවයි ගිහින් airport එකට ඇරලවන්න කියලා.මං airport එකෙන් එලියට එනකොටම කවුද මන්දා හල්මොනි කෙනෙක් අඬාගෙන taxi එකකට නඟිනවා දැක්කා"

"මං ඉතිං car එක ලඟට යන්නෙත් නැතුව ඒ හල්මොනිව මඟ ඇරෙයි කියලා එතන තිබුන taxi එකක නැගලා ඇවිත් බලනකොට තමයි දැක්කේ එයා කිකිලියක් වගේ වැස්සේ තෙමී තෙමී ඉන්නවා"

කොල්ලා කිව්වේ හිනාවෙවී තාමත් ඉකි ගගහා අඬන කෙල්ල දිහා බලාගෙන.

"යාහ්!!!....මෝඩයා!!!මං තරහයි!!"

කෙල්ල අඬ අඬාම දිව්වේ හිනාවෙවී හිටපු කොල්ලාවත් තල්ලු කරලා දාලා.කොල්ලගේ අතේ තිබුනු කුඩෙත් වැස්සට ගහගෙන ගියේ කෙල්ල තල්ලු කරපු පාරට.

"Jia!!ඔහොම ඉන්න!"

Tae ත් තෙමී තෙමීම දිව්වේ කෙල්ලගේ පස්සෙන්.ලඟපාත තෙමෙන්නේ නැතුව ඉන්න building එකක්වත් තිබ්බේ නැති නිසා දෙන්නත් එක්ක දුවගෙන ඇවිත් ගොඩවුනේ ටිකක් පරන කවුරුවත් හිටියේ නැති bus halt එකකට.

"ට්‍රීං...ට්‍රීං..."

එතකොටම වගේ තමයි කොල්ලගේ phone එක ring වුනේ.

"ආහ්!දේ හ්යොන්ග්.තාම නෑ.මං car එක airport එක ලඟ දාලා ආවේ"

"දේ හ්යොන්ග්.මං taxi එකකට location එක text කරා එන ගමන්.දැන් එයි"

~So,we met again~|| KTH ✔ Where stories live. Discover now