🌹Chapter 19🌹

330 52 1
                                    

So,we met again!

*Episode 19*

මං office time ඉවර වුනු ගමන් Tae ට message එකකුත් දාලා handbag එකත් අරන් lift එක ලඟට ගියේ ඉක්මනට ගෙදර යනවා කියලා හිතාගෙන.අද දවසෙම Tae මට එයාගේ cabin එකට එන්න කිව්වත් මං කරේ වැඩ පිටින් දාලා මඟඇරපු එක.එයාටත් වෙලාවට හදිස්සි meeting වගයක් තිබුන නිසා ඒක වැඩි ගානක් ගියේ නැතුව ඇති.

කොච්චර try කරත් මට දැන් Tae ට මූණදෙන්න හිතෙන්නම නෑ අප්පා.ඇත්තමයි Jia ඔයාට එයාව kiss කරන්නේ නැතුව කැමතියි කියන්න තිබ්බනේ.මොන මඟුලකටද එයාව kiss කරේ?...අායිෂ්!...ඔතොක්කේ..

එහෙම හිත හිත මං lift එකේ දොර ඇරුනු ගමන් ගිහින් නඟිනකොටම තමයි දැක්කේ Tae ත් ඒකේ ඉන්නවා කියලා.Tae හිටියේ lift එකේ මුල්ලකට වෙලා අත් දෙකත් බැඳන් අමුතු හිනාවකුත් දාගෙන මගේ දිහා බලාගෙන.ආපහු හැරිලා යන්නත් බැරි නිසා ඕන මඟුලක් කියලා මං කරේ බිම බලාගෙන හිමීට lift එක ඇතුලට අාපු එක.

"කවදා වෙනකන් ද මැඩම් මාව මඟ අරින්නේ හදන්නේ?ආහ්?"

එහෙම කිය කිය ඇස් දෙකත් හීනි කරන් Tae මගේ ලඟට එනකොට මං කරේ පස්සෙන් පස්සට ගිහින් lift එකේ මුල්ලකට හේත්තු වුනු එක.Tae නැමිලා මගේ දිහා බලන් ඉන්නකොට තත්පර දෙක තුනක් යන්නත් කලින්ම එකපාරටම එයාගේ ඔලුව මගේ උරහිසට තියා ගත්තේ ඇස් දෙකත් පියාගෙන.

"Oh!God!මෙයාගේ ඇඟ හොඳටම රස්නෙයිනේ!"

Tae ගේ ඔලුවට මං නිකමට වගේ අත තියලා බලද්දි තමයි මට දැනුනේ එයාට උණ කියලා.

"Tae!ක්වෙන්චනා?"

මං ඇහුවේ තාමත් ඇසුත් පියාගෙන මගේ උරහිසට ඔලුව තියාගෙන ඉන්න Tae ගේ කම්මුලකට අතක් තියලා.

"දේ..."

එයා උත්තර දුන්නෙත් අමාරුවෙන්.එයාගේ මූනත් සුදුමැලි වෙලා කියලා එතකොටයි මං දැක්කේ.

"Tae!ඔයාගේ ඇඟ හොඳටම රස්නෙයිනේ.යමු!අපි Jin ට කතා කරලා බෙහෙත් ටිකක් ගමු.ම්ම්?"

"ඕන නෑ Jia.මේක අඩුවෙයි ටිකකින්"

පොඩිකාලේ ඉඳන්ම ඔහොමයි මෙයා.බෙහෙත් බොන්න හොරයි කියලා මින්ජු ආන්ටි අපේ අම්මත් එක්ක ⁣Tae ට බනිනවා මට ඕනතරම් ඇහිලා තියෙනවා.

~So,we met again~|| KTH ✔ Where stories live. Discover now