🌹Chapter 09🌹

296 60 2
                                    

Jia birthday cake කෑලි ටිකකුයි,party එකේ තිබුනු තව short eats ටිකකුයි පොඩි parcel එකකට දාගෙන,කාටවත්ම නොකියා හොරෙන් එලියට යන්න හදනකො⁣ට තමයි තෙහස් කෙල්ලව දැකලා කතා කරේ.

"Tae,මං...මේ....."

"මහීව හම්බවෙන්නද යන්න හදන්නේ ඔය?"

"ආහ්..මේ..ඔව්..එයාට ටිකක් සනීප මදි කියලා මට එන්න වෙන්නේ නෑ කියලා දැන් පොඩ්ඩකට කලින් message එකක් දාලා තිබ්බා.මං call කරාට එයා answer කරන්නෙත් නෑ.මට බයයි එයා ගැන.මං මේ එයාව බලන්න ගෙදර යන්න කියලා හැදුවේ"

"කවදාවත් ගිහින් නැති ගෙදරකට තනියම යන්න හදන්නේ තමුන්ගේ ඔලුව හොඳ නැද්ද Jia?"

තෙහස්ගේ කේන්තිය ඇවිස්සුනේ ⁣කෙල්ල කරන්න ගියපු මෝඩ වැඩේ නිසා.Jia මුකුත් කියන්නේ නැතුව හිටියේ තමන්ගේ වැරැද්ද කියලා දන්න නිසා.ඒත් කෙල්ලට ඕන උනේ කොහොමහරි මහීව බලන්න යන්න මහීට කොහොමද කියලා දැනගන්න.

"යන්!මාත් එන්නම්"

ටික වෙලාවක් ගියාට පස්සේ Tae දිග හුස්මකුත් අතෑරලා,කෙල්ලගේ අතත් අල්ලගෙන පාර පැත්තට ආවේ මොනදේ උනත් කෙල්ලව තනියම යවන්න බැරි නිසා.තෙහස් දන්නවා තමන් කොච්චර එපා කිව්වත් Jia ඒ ගමන යනවා කියලා.මොකද කෙල්ල එච්චරටම මුරණ්ඩුයි.

"ඒත් Tae,මහී කැමති නැතිවෙයි ඔයා එනවට"

කෙල්ල මොනවා කිව්වත් තෙහස් නෙවෙයි ඒවා කනකට ගත්තේ.

කෑම කන අතරතුරේ Jithmi තෙහස්ව හෙව්වත් තෙහස් පේන්න හිටියේ නැති නිසා,තෙහස්ව හොයන්න කෙල්ල එලියට බහිද්දි තමයි දැක්කේ තෙහස් Jia වත් ඇදගෙන පාර පැත්තට යනවා.party එකට ආපු වෙලාවේ ඉඳන්ම Jia මොකක්හරි ප්‍රශ්නෙකින් ඉන්නවා වගේ කියලා තේරුණත්,Jithmi අහන්න ගියේ නැත්තේ Jia ගේ ප්‍රශ්න කතා කරන්න තරම් දෙන්නා close නැති නිසා.

ඒත් තෙහස් Jia එක්ක තමන්ටත් නොකියා යනවා දැක්කම කෙල්ලට ඇති උනේ දුක මිශ්‍රිත ඊර්ෂ්‍යාවක්.කෙල්ලෝ එහෙමයි.තමන් කැමති දේකට වෙන කෙනෙක් ලං වෙනවට අකැමැතියි..බයයි..

මේ දෙන්නා අතරේ තියෙන ප්‍රශ්නේ මොකක්ද කියලා දැනගන්න හිතට ආපු ක්ෂණික සිතුවිල්ල නිසා Jithmiත් මේ දෙන්නා පස්සෙන් ආවා.

~So,we met again~|| KTH ✔ Where stories live. Discover now