🌹Chapter 14🌹

309 56 1
                                    

----Author's POV----

Tae Jia ඉන්න cabin එක පැත්තට ගියේ කොල්ලා laptop එකේ කර කර හිටපු වැඩෙත් ඉක්මනට ඉවර කරලා දාලා.කොල්ලට හිනා ගියේ කෙල්ල ඉන්න විදිහ දැකලා.කෙල්ලට lollipop එකත් කටේ ගහගෙනම table එකේ තිබුන file ගොඩ උඩ නින්ද ගිහින් තිබුනේ.

Tae හිමීට සද්ද කරන්නේ නැතුව කෙල්ල ලඟින් තිබුනු අනිත් පුටුවේ වාඩිවෙලා ටික වෙලාවක් කෙල්ල දිහා බලන් හිටියා.

"ඔයා තාමත් ඉස්සර වගේමයි Jia..චුට්ටක්වත් වෙනස් වෙලා නෑ"

⁣එහෙම හිතන ගමන් කොල්ලා හිමීට කෙල්ලගේ කම්මුලක් අතින් පිරිමැද්දා.

******************************************

කෙල්ලට ඇහැරුනේ කෙල්ලගේ අතට එකපාරටම දැනුන රස්නයක් නිසා.කෙල්ල හිමීට ඔලුව උස්සලා බලද්දි තමයි දැක්කේ Tae ට කෙල්ලගේ අතකුත් අල්ලගෙන නින්ද ගිහින් කියලා..

"මෙයා මොකද මෙතන?මං වැඩ ඉවරද කියලා බලන්න වෙන්න ඇති එන්න ඇත්තේ.ඇත්තමයි Jia මේ ටික වෙලාවටත් ඔයාට ඔලුව උස්සන් ඉන්න බැරි උනාද අප්පා..."

කෙල්ල හිමී⁣ට සද්ද කරන්නේ නැතුව කෙල්ලගේ අත Tae ගේ අතින් මුදවගෙන file වල වැඩ ටිකත් ඉක්මනට ඉවර කරලා,කොල්ලා දිහාට හැරුනා.

"මේ...මේ මාලේ?.."

එතකොටයි කෙල්ල දැක්කේ කොල්ලගේ කරේ තිබුන මාලේ කොලර් එකෙන් ටිකක් එලියට ඇවිත් තියෙනවා.කොල්ලගේ කරේ තිබ්බේ මීට අවුරුදු කීපයකට කලින් Jia ගේ birthday එක දවසේ කොල්ලා කෙල්ලට දීපු pinky promise necklace එකේ අනිත් එක.

"මෙයා ගාව තාමත් තියෙනවද මේක?..පුදුමයි.."

"ඇයි ඔයා මේක තාමත් තියාගෙන ඉන්නේ Tae?..ඔයාට තාමත් මේ නපුරු යාලුවව මතක තියෙනවද?.."

කෙල්ල මූනටත් අතක් තියාගෙන කොල්ලා දිහා බලාගෙන කල්පනා කර කර ඉද්දි තමයි එකපාරටම වගේ කොල්ලට ඇහැරුනේ.Tae එකපාරටම නැඟිටපු නිසා කෙල්ල අහක බලාගත්තත් Tae දිහා බලන් හිටපු විත්තිය කොල්ලා දැක්කා.

Jia ඉක්මනට handbag එකත් අරගෙන එතනින් යන්නයි හැදුවේ.

"ඔයා තාමත් ඉන්නේ මාත් එක්ක තරහෙන්ද Jia?"

කොල්ලා ඇහුවේ යන්න ගියපු කෙල්ලගේ අතින් අල්ලලා නවත්තලා.ටික වෙලාවක් Tae දිහා බලන් හිටපු කෙල්ල මුකුත්ම නොකියා යන්න ගියේ කොල්ලගේ අතත් ගසලා දාලා..

~So,we met again~|| KTH ✔ Where stories live. Discover now