🌹Chapter 15🌹

298 59 2
                                    

"ඔප්පා!!!මං තරහයි ඔයත් එක්ක!!"

එහෙම කියපු ඒරා කාමරෙන් එලියට ගියේ Jin ටයි,Tae ටයි දෙන්නටම ගස්සගෙන.

"ආහ්...චින්ජා...මේ කෙල්ල නම්..මියාන්හේ Tae..ගනන් ගන්න එපා එයාගේ වැඩ.දන්නේ නැද්ද තාම පොඩි ලමයෙක් වගේ හැසිරෙන්නේ එයා"

"අනියෝ..ක්වෙන්චනා හ්යොන්ග්..ඒරා ඉතිං ඉස්සර ඉඳන්ම ඔහොමනේ"

"මෙන්න!තියාගනින් උඹේ පෞරාණික වස්තුව"

Jin හිනාවෙන ගමන් Tae ට දුන්නේ ඒරාගෙන් ගත්ත photo එක.

"ආහ්!ඒක නෙවෙයි.අර උඹ එදා hospital එක දෙවනත් වෙන්න කෑ ගහගෙන ආවේ කාවද හම්බවුනා කියලා..කවුද බං ඒ?අර උඹේ ශතවර්ෂ ගානක් පරණ ලව් එකද?"

"ආහ්....මේ...ඔව් හ්යොන්ග්.."

"ඉතිං කවද්ද හ්යොන්ග්ට එයාව මුණගස්සන්නේ?ආහ්?..උඹ එයාව meet උන දවසට මගේ ඉස්සරහට එක්කන් එනවා කිව්වට නිකටමවත් මට photo එකක් පෙන්නන්න කිව්වට පෙන්නන්න කැමතිත් නෑනේ"

"හ්යොන්ග්ට Jia ව අඳුරගන්න බැරිවෙන්න ඇති''.කොල්ලට හිතුනේ එහෙම.Tae ගාව තිබුන photo එක Taeයි,Jia යි අවුරුදු 14දී විතර දෙන්නා school uniform ඇඳන් ගත්ත එකක්.දෙන්නම ඒ දවස්වල දැනට වඩා ටිකක් වෙනස් නිසා photo එක හරියටම බැලුවොත් ඇරෙන්න කාටවත් කෙල්ලව අඳුරගන්න බෑ.ඉතිං Jin ගේ reaction වලත් කිසි වෙනසක් නැති නිසා කොල්ලගේ හිතට දැනුනේ සහනයක්..

"ආහ්!මේ...ඒක නෙවෙයි හ්යොන්ග්.ඔයා කවද්ද ආවේ?මට කිව්වේවත් නෑනේ"

Tae ට ඕන උනේ කොහොමහරි ඒ ප්‍රශ්නේ මඟ අරින්න.

"අද පාන්දර බං ආවේ.ඒරාගේ campus එකේ vacation නිසා එයාගේ යාලුවෝ වගයක් එක්ක මෙහේ ඇවිත් මට call කරපු නිසා
airport එකට ගියා එයාලව ගන්න.යාලුවෝ ටික hotel එකෙන් දාලා ඒරාව මෙහෙට එක්කන් ආවේ ඔයාව බලන්න ඕන කියපු නිසා"

"යමු හ්යොන්ග්..මං drink එකක් ලෑස්ති කරන්නම් ඔයාලට.ඒරාට තරහා ගිහිල්ලත් ඇති දැන්"

Tae කිව්වේ Jin ගේ කරට අතකුත් දාගෙන දෙන්නත් එක්ක පල්ලෙහාට බහින ගමන්.

"මොන පිස්සුද බං?ඔන්න බලපන්කෝ පල්ලෙහාට බැහැපු ගමන් එන්නේ නැද්ද කියලා Tae ඔප්පා ගාගෙන"

~So,we met again~|| KTH ✔ Where stories live. Discover now