🌷🌷Epilogue🌷🌷

285 56 1
                                    

---Tae's POV---

Jiaගේ number එක dial කරලා cut කරේ කීවෙනි වතාවටද කියලා ම⁣ට මතක නෑ.ඇත්තටම මට ඕන උනේ එයා හොඳින්ද කියලා දැන ගන්න.ඒත්....එයා මගේ කටහඬ අඳුරගත්ත ගමන් call එක cut කරයි.මං එයාට message එකක් දැම්මේ ඒ නිසා.පැය ගානක් බලන් හිටියත් එයාගෙන් reply එකක් ආවේ නෑ.

"ඔයා ඒ තරමටම මට වෛර කරනවද Jia?"

හැමදාම වගේ මං මගේ හිතින් අහන ප්‍රශ්නයක් ඒක.ඔයා දන්නවද Jia,මං ඔයාව කොච්චර කාලයක් තිස්සේ හෙව්වද කියලා?...
මං ලංකාවෙන් අාවට පස්සේ ඔයාගෙන් මං එවන ලියුම් වලට උත්තර ලැබුනේ නැති උනත්,ඔයා ඒවා කියවනවා කියලා මං දන්න නිසයි ඔයාට මං ලියුම් ලියන එක නතර කරේ නැත්තේ.

මං කොරියාවට ඇවිත් මාස 08කට විතර පස්සේ ආපහු තනියම ලංකාවට ආවේ ඔයා එක්ක කතා කරලා කොහොමහරි ඔයාගේ හිතේ මං ගැන තියෙන වැරදි වැටහීම නැති කරනවා කියලා හිතාගෙන.ඒත්...මං එනකොටත් ඔයයි,අම්මයි ලංකාවෙන් ගිහින් ගෙවල්,දොරවල් ඔක්කොම විකුනලා දාලා.එතකොටයි මං දන්නේ ඔයාගේ තාත්තා නැතිවුනා කියලා.

අහල පහල හිටපු අයගෙන් ඇහුවම ඔයාලා රට ගියා කිව්වත් ගියපු තැන ගැන හරියටම දන්නේ නෑ කිව්වා.අඩුම තරමේ අපේ class එකේ හිටපු ලමයෙකුටවත් ඔයා යන තැනක් ගැන කියලා ගිහින් තිබුනේ නෑ.ඔයා යන්න ගිහින් තිබුනේ ඔයාගේ කිසිම සාක්ෂියක්වත් ඉතුරු නොකර..

මං ආයෙමත් කොරියාවට ගියේ ඔයා ගැන තිබුනු බලාපො⁣⁣රොත්තු ඔක්කොම කඩ කරගෙන..ඒත්...මට ඕන උනා එකම එකපාරක්හරි ඔයාව හම්බවෙන්න..හම්බවෙලා මගේ හිතේ අවුරුදු ගානක් හිරකරගෙන හිටපු මගේ ආදරේ ගැන ඔයාට කියන්න.අවුරුදු ගානක් ගියත් මං ඔයාව හොයන එක නතර කරේ නෑ Jia...

ඔයා දන්නවද..මං තාත්තා එක්ක business trip වලට එක එක රටවල් වලට යද්දි ඔයාගේ photo එකක් අරන් ගිහින්,පාරවල් වල හිටපු මිනිස්සුන්ගෙන් ඒක පෙන්නලා ඔයාව දැකලා තියෙනවද කියලා අහන තරමටම මං පිස්සෙක් උනා..

හරියටම අවුරුදු 05කට විතර පස්සේ Germany වල තිබුනු university එකකට අපේ company එකේ fund එකෙන් scholarships වගයක් දෙන්න තීරනය කරලා තිබුන නිසා university එකේ විස්තර ටිකක් ගන්න මං එ්කේ website එක browse කරන ගමන් හිටියේ..ඒත්...අහම්⁣බෙන් වගේ website එකේ දාලා තිබුනු photo එකක් ලඟ මගේ ඇස් නැවතුනා.

"2019 graduated batch"

විශ්වාස කරන්න පුළුවන්ද?ඒ අවුරුද්⁣දේ graduated අය අතරේ ඔයත් හිටියා Jia...මං ඔයාගේ දකින්න ආසම හිනාවත් මූනේ පුරවගෙනම.මට දැනුන සතුටට මං කෑ ගැහුවා..ඔව්..මං අවුරුදු ගානක් හොයපු ඒ ඇස් දෙක මට හම්බවුනු නිසා.ඉතිං මං university එකට call කරලා ඔයාගේ details ඔක්කොම ටික දැනගත්තා.

******************************************

මං තාත්තලාගෙන් permission අරන් Germany ආවා.මං මෙහේ ඇවිත් hotel එක පටන් ගන්නකොටත්,ඔයා වෙන job එකක් කරන්න පටන් අරගෙනයි තිබ්බේ..මං බලන් හිටියා හැමදාම ඔයා දිහා ඈතින් ඉඳන්.මට බය හිතුනා මං ඔයා ඉස්සරහට ආවොත් ආයෙමත් මාව මඟඇරලා යයි කියලා..

දවසක් මං හිටියේ hotel staff එ⁣කේ vacancies වගයකට දාපු Cvs ⁣check කරන ගමන්..මට පුදුම හිතුනා ඔයාගේ Cv එකත් ඒ අතරේ තිබ්බම.ඉතිං interview එකක් කැඳවන්නේ නැතුවම මං ඔයාට job offer letter එකක් යැව්වේ ඔයාව මගේ ඇස් මානේම තියාගන්න පුලුවන් නිසා..

ඔයා hotel එකට ආවට පස්සෙත් මං කාලයක් යනකං ඔයා ඉස්සරහට ආවේ නැත්තේ මං ඉන්නවා දැක්කොත් ඔයා job එකත් දමලා ගහලා යයි කියලා.ඒත් ඔයා දන්නවද Jia..ඔයාව දැකලත් නොදැක්කා වගේ ඉන්න එක මට හරිම අමාරුයි...එදා ඔයා meeting එකේදී මගේ දිහා බලන් ඉන්නකොට ඇවිත් ඔයාව බදාගන්න හිතුනා මට...

මට ඔයාට ආදරෙයි කියලා කියන්න ඕන Jia..ඒත් මං ඔයාගේ ඉස්සරහට එන හැමවෙලාවකම වගේ මාව මඟඅරින කොට මං කොහොමද ඒක ඔයාට කියන්නේ?..මට බයයි එහෙම උනොත් ආ⁣යෙත් ඔයා මට හොයාගන්න බැරිවෙන විදියට දාලා යයි කියලා...මං බලන් ඉන්නම් Jia..ඉස්සර වගේ ඔයා මාව ඔයාගෙම කෙනෙක් විදිහට පිලිගන්නකම්......

ඉස්සර වගේ ඔයා මාව ඔයාගෙම කෙනෙක් විදිහට පිලිගන්නකම්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

**********************************

~So,we met again~|| KTH ✔ Where stories live. Discover now