🌹Chapter 05🌹

310 61 1
                                    

මගේ සද්දේ ටිකක් වැඩි උනාද මන්දා.library එකේ හිටපු ලමයි ඔක්කොමලා මගේ දිහා බැලුවේ හරියට අමුතු ජීවියෙක් දිහා බලන විදියට.හරි ඉතිං චුට්ටක් සද්දේ වැඩි උනා කියලා ඔය කන් ගෙවෙන එකක්යැ.

"Jia,මේක library එක"

Tae කිව්වේ මගේ පැත්තට හැරිලා රහසින්.මෙයා නිසා තමයි මේ ඔක්කොම.වෙනදට library එක පැත්ත පලාතේවත් එන්නේ නැති මං මේ මෝඩයා නිසයි අද ආවෙත්.

"Tae,ඇයි ඔයා මාව මඟ අරින්නේ?මගෙන් මොකක්හරි වැරැද්දක් උනාද?ම්ම්"

මං ආයෙත් හෙමීට ඇහුවා Tae ගෙන්.

"එහෙම මුකුත් නෑ"

"එහෙනම් මං අද උදේ ඉඳන් කතා කරන්න එද්දී දැක්කේ නෑ වගේ ගියේ?"

"මට හදිස්සි වැඩ වගයක් තිබ්බා.ඒකයි"

Tae උත්තර දුන්නේ පොත දිහා බලාගෙන.

"හ්ම්.එහෙමද?එහෙනම් කමක් නෑ.හැබැයි ආයෙත් එහෙම කරන්න එපා හොඳද?මට දුක හිතුනා ඔයා මාව ගනන් ගන්නේ නැතුව ඉන්නකොට."

මං එහෙම කියද්දි tae මගේ දිහා බලලා "හ්ම්" කියලා විතරක් උත්තර දීලා ආයෙත් පොත බලන්න පටන් ගත්තා.අපෝ!මෙහෙමත් පොත් ගුල්ලෙක්!දැන් ඉතිං උඩදාගෙන library ආවා වගෙයි නෙවෙයි,period එක ඉවර වෙනකන් ඉන්නත් එපැයි මේක ඇතුලේ.

"Reproduction of Organisms"

මං ඉස්සෙල්ලා හදිස්සියට අරගෙන ඇවිත් තිබ්බ පත size පොත දිහා බලද්දී තමයි ඇස් උඩ ගියේ.කවුරුවත් දකින්න කලින් මං ඉක්මනට පොත බලන්න ගත්තේ අතින් වහගෙන.ඇයි දෙයියනේ maths කරන එකෙක් biology පොතක් කියවනකොට හිතයි මට පිස්සු කියලා..

"Tae,මහී ඇහුවා මගෙන් අද class එකේ interval එකේදී එයත් එක්ක juice bar එකට යන්න එනවද කියලා"

ටික වෙලාවකට පස්සේ මං Tae ට කිව්වා.

"ඉතිං ඔයා මොකද කිව්වේ?හා කිව්වද?"

මෙන්න බොලේ වැඩක්.පොතේ ගිලෙන්න ඔන්න මෙන්න වගේ හිටපු මනුස්සයා එකපාරටම මගේ පැත්ත හැරිලා බයවෙලා වගේ ඇහුවා.

"හ්ම්.මං කිව්වා මං ඔයාවත් එක්කගෙන එනවා කියලා.ඔයා එනවා නේද?"

"ඔයාට ඇත්තටම පිස්සුද Jia?එකපාරටම අඳුරගත්ත මනුස්සයෙක් එක්ක juice බොන්න යන්න තරම් ආහ්?"

~So,we met again~|| KTH ✔ Where stories live. Discover now