🌹Chapter 08🌹

291 57 0
                                    

--Author's POV--

Jia මහීව හම්බවෙන්න ground එක පැත්තට යනකොට දැකපු දෙයින් එකපාරටම කෙල්ල හිටපු තැනම නතර උනා.Jia එතනට යනකොටත් තෙහස් මහීව බිම දාගෙන හොඳටම ගහනවා.මහීගේ යාලුවෝ ඇවිත් තෙහස්ව නවත්තන්න හැදුවට,තෙහස් යාලුවන්වත් තල්ලු කරලා මහීට ගහන්න ගත්තා.

"Tae!මොකක්ද ඔයා මේ කරන්නේ?ඕක නවත්තන්න!"

Jia කරේ එතනට ගියපු ගමන් මහීගෙන් තෙහස්ව අයින් කරන්න හදපු එක.තෙහස් ගහපු පාරට මහීගේ කටත් පැත්තකින් තුවාල වෙලයි තිබ්බේ.

"Jia,ඔයා එහාට වෙන්න!මං මේක මූත් එක්ක විසඳගන්නම්!"

"Tae,please!ඕක නවත්තන්න දෙයියනේ!මහීට අමාරුයි!"

තෙහස්ව නවත්තන්න බැරිම තැන කෙල්ල කරේ අඬන ගමන් ගිහින් කොල්ලගේ පිටිපස්සෙන් බදාගත්ත එක.එතකොටයි කොල්ලා පියවි සිහියට ආවේ.තෙහස් නැවතුනු පාර Jia ඉක්මනට මහී ලඟට ගිහින් මහීගේ යාලු⁣වන්ගේ උදව්වෙන් කොල්ලව නැඟිට්ටවලා,sick room එකට එක්කන් ගියා.

******************************************

Jia මහීගේ තුවාල වලට බෙහෙත් දාන ගමනුත් කල්පනා කරේ,තෙහස්ට මහී එක්ක රන්ඩු වෙන්න තරම් දෙන්නා අතරේ තියෙන ප්‍රශ්නේ මොකක්ද කියන එක.

"මහී,මං ඔයාගෙන් දෙයක් අහන්න මට ඇත්තම කියනවද?"

"Jia,ඔයා අහන්න යන්නේ තෙහස් මාත් එක්ක රන්ඩු කරේ ඇයි කියලා නම්,ඔයා ඒක මගෙන් අහනවට වඩා හොඳයි එයාගෙන්ම අහලා දැනගන්න එක.මොකද මට වඩා හොඳට ඔයා එයා ගැන දන්නවනේ"

මහී කියපු දේට Jia මුකුත් නොකියම බිම ගත්තේ,තවත් කොච්චර ඇහුවත් දෙන්නා අතරේ තියෙන ප්‍රශ්නේ මහීගෙන් දැනගන්න ලැබෙන්නේ නැති බව තමන්ට දැනුන නිසා.

"මහී...මේ වගේ වෙලාවක මට ඔයාට මෙහෙම දෙයක් කියන්න උනාට sorry.මං ඇත්තටම ඔයාව ඉස්සෙල්ලා හොයාගෙන ආවේ,මගේ birthday party එකට ඔයාට invite කරන්න හිතාගෙන.ඔයාට අමාරු නැත්තං විතරක් හෙට එන්න.ඔයාට එන්න බැරි උනත් මං තරහා වෙන්නේ නෑ හොඳද.."

කෙල්ල කිව්වේ මහීගේ අතකිනුත් අල්ලගෙන.

"මං නෑවිත් කොහොමද?මං අනිවාරෙන්ම එනවා මගේ කෙල්ලට wish කරලා යන්න"

~So,we met again~|| KTH ✔ Where stories live. Discover now