🌹Chapter 17🌹

289 52 1
                                    

පහුවදා මං වැඩට යන්නේ නැතුව leave එකක් දැම්මේ මට වැඩට යන්න තරම් මානසිකත්වයක් තිබ්බේ නැති නිසා.මං Tae ට කියලා තියෙන දේවල් මතක් වෙද්දි නම් පොලොව පලාගෙන යන්න හිතෙනවා දෙයියනේ.එදා දවසෙම Tae මට call,message දැම්මත් ඒ එකකටවත් මං reply කරන්න ගියේ නැත්තේ හෙට office එකට ගිහින්ම එයාට මං කියපු දේවල් වලට sorry කියනවා කියලා හිතාගෙන.

Jin උදේ මට call කරලා හවස හම්බවෙන්න ඕන කියපු නිසා මං ගියේ coffee shop එකට.එයා මට එන්න කියලා තිබ්බේ අපි මුල්ම දවසේ හම්බවුනු coffee shop එකට.මං shop එකට යනකොටත් එයා ඇවිත් හිටියේ.මං එයා දිහාට යනකොට එයා හරි ලස්සනට හිනා වෙලා මට අත වැනුවා.

"Sorry Jin!අදත් මං පරක්කුයි නේද?මට නින්ද ගිහින් තිබුනේ.නැඟිටිනකොට වෙලා ගියා ටිකක්"

මං කිව්වේ  එයා හිටපු table එකෙන් පුටුවක් අරන් වාඩිවෙන ගමන්.

"It's okay Jia!ඉතිං ඔයා මොනවද බොන්නේ?"

"ම්ම්...මට Americano එකක් හොඳයි"

"Two americano please!"

Jin table එක ලඟට ආපු waiter ට කිව්වේ අතේ තිබුනු menu card එකත් table එක උඩින් තියන ගමන්.

"Jin...I'm really sorry!ඊයේ party එකේදී මගේ අතින් ඒරාට උන දේට.ඇත්තටම...මං...මං ඒ වෙලේ හිටියේ හොඳ සිහියෙන් නෙමෙයි..ඒරාටත් කියන්න මං එයාට sorry කිව්වා කියලා"

"ක්වෙන්චනා Jia!මමයි sorry කියන්න ඕන ඔයාට.ඔයාව එයත් එක්ක දාලා ගියාට.එයාගේ හැටි ඔහොම තමයි.දවසට කවුරුහරි ඕන එයාට රන්ඩු කරන්න.කොච්චර වයසින් ලොකු උනත් එයා තාමත් හැසිරෙන්නේ පොඩි ලමයෙක් වගේ.ඒකයි"

"ඇත්තටම Jia...මං ඔයාට එන්න කිව්වේ අපේ Tae ගැන කතා කරන්න"

Jin කිව්වේ ගොඩක් serious mood එකකින් මගේ දිහා බලාගෙන.

"ආහ්?"

මං හිටියේ මගේ ඇසුත් ලොකුකරන් Jin දිහා බලාගෙන.බැරි වෙලාවත් මං එදා මෙලෝ සිහියක් නැතුව Tae ට කියපු දේවල් එයා Jin ට කියලාවත්ද කියන සැකෙන් මං හිටියේ.

"Tae ආදරේ කරන්නේ ඔයාට Jia!"

Jin කියපු විදියට තව පොඩ්ඩෙන් මං බිබී හිටපු coffee එකත් ඉස්මොල්ලේ ගිහින් තමයි නවතින්නේ.එයා මොනවද මේ කියන්නේ?එතකොට ඒරා?මං හිටියේ Jin කියන දේවල් වල අගක් මුලක් තේරුම් ගන්න බැරුව.මගේ පපුවේ ගැස්ම එන්න එන්නම වැඩි වෙනවා වගෙයි මට දැනුනේ.

~So,we met again~|| KTH ✔ Where stories live. Discover now