CHAPTER 1

1.7K 187 31
                                    

බෝල කණ්ණාඩි දාපු අහිංසක පෙනුමක් තිබුණ කොල්ලෙක් එයාගේ ලොකර් එක ඇරලා පොත් කිහිපයක් එළියට ගත්තා. එයා ලොකර් රූම් එකෙන් එලියට යන්න හදනකොටම කෙනෙක් ඈත ඉඳලා එයාට කතා කළා..

" ඒයි... ඔහොම නවතිනවා කිසිම වැඩකට නැති නිකමා.... ගෙනාවද මගේ හෝම්වර්ක් ටික..! බලනවා ටිකක් තමුසෙ දිහා... තමුසෙ ඇවිදින කුණු ගොඩක් වගේ... කුණු ගොඩක් ම තමයි තමුන්.... බෝල කණ්ණාඩි දාපු, හා දත් දෙකක් තියෙන කැතම කැත කිසිම කමකට නැති එකෙක්...."

හාවෙක් වගේ පෙනුමක් තිබ්බ පිරිමි ළමයා වචනයක්වත් නොකියා පොත එයාගේ bully අතට දුන්නා.

🐰මට කරදර කරන්න එපා ටේහියුන්. ඔයා දවසක ඒකට පසුතැවෙයි.

🐯 මම මොකටද උඹ වගේ දුප්පත්, නිකමෙක් කියන ඒවට පසුතැවෙන්නෙ ජන්කුක්! මතක තියාගන්න. මම හොඳ පෝසත් කොල්ලෙක්... මට ඕන තාලෙකට ඉන්න මට පුලුවන්...

🐰සල්ලි කියල කියන්නේ හැමදේම නෙවෙයි ටේහියුන්...

🐯 සල්ලි වලින් මම උඹට වඩා හොඳට ජීවත් වෙනවා. උඹට නැති ගොඩක් දේවල් සල්ලි තියෙන නිසා මට තියෙනවා...

🐰තමන් ගැන ඕනවට වඩා පුරසාරම් කියන්න එපා ටේහියුන්...

🐯මට ඕනනම් මම පුරසාරම් විතරක් නෙවෙයි ඊට වඩා වැඩි දේවලුත් කියනවා.

🐰මට ඔයාගේ පුරසාරම් වලට වෙලාවක් නෑ ටේහියුන්.. මට maths class එකට පරක්කු වෙනවා..

🐯පොත්ගුල්ලා.... උඹ ඔය පන්තියේ හිටියා කියලා කරන්න පුළුවන් දෙයක් නෑ...

🐰 මම ඒක බලා ගන්නම් ටේහියුන්...

ජන්කුක් ටේහියුන් ව පසු කරගෙන යන්න හදනවිටම, ටේහියුන් එයා අතේ තිබ්බ වතුර බොතලය තමන්ගේ සපත්තු දෙක ට හලාගත්තා. ජන්කුක් ඒ වෙලාවේ ටේහියුන් ගේ ඇඟේ හැපුන නිසා, ජන්කුක් ට හිතුනේ ඒ දේ වුණේ තමන් අතින් කියලා..

🐯 දැක්කද තමුසෙ කරපු හරිය. පිහදානවා මගේ සපත්තු දෙක...

🐰සමාවෙන්න ටේහියුන්... මම ඒක හිතලා කරපු දෙයක් නෙවෙයි.

🐯තමුසෙට මං කිව්වේ මගේ සපත්තු දෙක පිහදාන්න කියලා...

🐰කේන්ති ගන්න එපා... මම පිහදාන්නම්..

Baby Bully ✔️Where stories live. Discover now