ටේහ්‍යුන්ග් ගේ ඇතුලට යද්දි දැක්කේ ජින් ගෙදර තිබුන ප්ලාස්ටික් මල් පොකුරු ටිකක් දූවිලි ගසන ගමන් මල් පෝච්චි වලට දාන හැටි.
" ඔහ්... ටේ බෙයා... ඔයා ආවද..?"
ජින් හිනා වෙලා අහද්දි අද උදේ සේරම දේවල් වෙනකම් තමන් එක්ක වචනයක් වත් කතා නොකරපු තමන්ගේ ඔම්මා තමන් එක්ක කතා කරපු සතුට ට ටේහ්‍යුන්ග් හිනා වුණා.
" මොකද ටේ මග ඉන්නේ.. දොරකඩ ඉන්නෙ නැතිව ඇතුලට එන්න"
ඒත් ටේහ්‍යුන්ග් ට එක පාරටම බයක් දැනුණා. උදේ තරහ වෙලා හිටපු ඔම්මා එක පාරටම තමන් එක්ක හොඳට කතා කරපු නිසා සතුටක් ටේහ්‍යුන්ග් ට ආවත්, ඒ එක්කම බයකුත් ටේහ්‍යුන්ග් ට දැනුණා.
" මට යුන්ගී ගෙදර ආව ගමන් ම කිව්වා.. එයාට ජිමින් කිව්වලු ඔයාගේ මැත් පේපර් එකට ලකුණු හැටක් තියෙනවා කියලා.."
ජින් ටේහ්‍යුන්ග් ගේ උරහිස් දෙකෙන් අල්ලලා ටේහ්‍යුන්ග් ව සෝෆා එකේ වාඩි කරලා අනිත් පැත්ත හැරෙද්දි එයා දැක්කේ ජන්කුක් ව.
" අනේ දෙවියනේ.."
ටේහ්‍යුන්ග් මුමුණද්දි ජන්කුක් ගාවට ජින් ඇවිදගෙන ගියේ කලින් තිබුණ හිනාව එක්කමයි.
" මං හිතන්නේ ඔයා තමයි එයාට මැත් ඉගැන්නුවේ.. ඇතුලට එන්න. ඇවිත් වාඩි වෙන්න... මම බොන්න මොනවා හරි අරන් එන්නම්..."
ජින් ගෙ මේ හදිසි වෙනස ගැන දැකගන්න ලැබුණු ටේහ්‍යුන්ග් කට ඇරගෙන බලා ඉද්දි ජන්කුක් ව අතින් අල්ලගෙන ගේ ඇතුලට එක්කගෙන ආව ජින් ටේ වාඩි වුණ සෝෆා එකෙන් ම ජන්කුක් ව ත් ඉන්දවලා කුස්සියට ගියේ කූල් ඩ්‍රින්ක්ස් දෙකක් අරගෙන එන්න.
" ජන්කුක්.. මේ මොකක්ද මේ වෙන්නෙ..? මම හිතන්නේ අපේ ඔම්මගේ ඔලුව කොහේ හරි වැදිලද කියලා."
ටේහ්‍යුන්ග් ජන්කුක් ගේ කනට කිට්ටු කරලා මුමුණද්දි ජන්කුක් හිනාවුණෙත් කිසිම දෙයක් තේරුම් ගන්න බැරි තාලෙට.
මොහොතක් ගත වෙනකොට කුස්සියේ ඉඳන් ආව ජින් ටේහ්‍යුන්ග් ගෙයි, ජන්කුක් ගෙයි අතේ කූල් ඩ්‍රින්ක්ස් වීදුරු දෙකක් තියලා ඉස්සරහ සෝෆා එකෙන් වාඩි වුණා.