CHAPTER 12

647 126 11
                                    

🐯 ජන්කුක් පෝසත් තමයි හ්‍යුන්ග්. ගුණධර්ම වලින්, හැදියාවෙන්, ආදරයෙන්, අහිංසක කමෙන් වගේ තව ගොඩක් සල්ලි තියෙන මිනිස්සු ගාව නැති ගුණාංග ගොඩකින් මගේ කූකි පෝසත්.

🐱 මම උඹ වැරදි තීරණයක් ගන්න කලින් ආපහු අහන්න කැමතියි ටේහ්‍යුන්ග්. මේක ආකර්ෂණයක් නෙවෙයි ද? උඹට ශුවර් ද ඕක තමයි සැබෑ ආදරේ කියලා.

🐯 සීයට දාහක් හ්‍යුන්ග්. මගේ කූකි කියන්නේ හැබෑ මහත්මයෙක්.

🐱 උඹ කොහොමද ඒක හරියටම කියන්නේ.

🐯 මගේ කූකි කිව්වා, අපි එක වහළක් යටට වෙනකම්, මාව වැරදි විදියට අල්ලන්න එයාට ඕන නැහැ කියලා. මගේ කූකි ඉන්න ගේදොර පුංචියි වෙන්න පුළුවන්... එයා ට තියෙන මුදල් චුට්ටයි වෙන්න පුළුවන්... ඒත් ඒ හදවත ගොඩක් ලොකුයි.

🐱 මම දන්නවා බන්. කූකී කියන්නේ හොඳ කොල්ලෙක්. ඒත් කොහොමද බං මේ වගේ සැපට ජීවත් වුණ උඹ වගේ කොල්ලෙක්, ඉස්සරහට ඌත් එක්ක ජීවත් වෙන්නේ..?

ටේහ්‍යුන්ග් හැමදාමත් හිර වෙන ප්‍රශ්නේ යුන්ගී ඇහුවේ ටේහ්‍යුන්ග් ගේ අත් දෙකම තමන්ගේ අත් අතරට අරගන්න ගමන්.

🐯 ලුණුයි බතුයි විතරක් කාළා හරි, කන්න බොන්න නැතිව හරි, මීට පස්සේ මගේ කූකි නැති තැන මට ගෙදරක් වෙන්නේ නෑ හ්‍යුන්ග්. මම අහංකාර වෙලා මගේ කූකි ට රිද්දුවා.

ඒ හැම දේටමත් පස්සේ මගේ ආදරේ ප්‍රතික්ෂේප නොකර බාර ගත්ත මගේ කූකි තරම් මට තව කාවවත් වටින්නේ නෑ හ්‍යුන්ග්. ඒක මතක තියා ගන්න.

මොකද මේ ටේහ්‍යුන්ග් ඔය දැකලවත් නැති හොබි අංකල් ගේ පුතාට වඩා මගේ දුප්පත් කූකිට පණ තරමට ආදරෙයි. මට මේ දේපළ, මිල මුදල් සේරම අතහරින්න පුළුවන්. ඒත් මට මගේ කොල්ලා ව අතහරින්න බෑ හ්‍යුන්ග්. මම ඒ තරම් ශක්තිමත් නෑ..

ටේහ්‍යුන්ග් යුන්ගී ට තුරුලු වෙලා කිව්වේ මේ ගෙදර තමන් ව යම් හෝ තරමකට තේරුම් ගත්ත කෙනෙක් ඉන්නවා නම් ඒ යුන්ගී කියලා තේරුම් අරගෙන.

🐱 ඒක නෙවෙයි, යමු පහළට.. ජන් එන එකක් නැති පාටක් පේන්න තියෙන්නේ..

🐯 ජන් කිව්වේ..?

🐱 ජන් කිව්වේ හොබි අංකල් ගේ පුතා..

Baby Bully ✔️Where stories live. Discover now