CHAPTER 20

840 128 29
                                    

හැමෝගෙම ඇස් ටේහ්‍යුන්ග් දිහාටයි ජන්කුක් දිහාටයි කැරකෙද්දි ජන්කුක් ගෙ උරහිසේ මූණ හංගන් අඬන ටේහ්‍යුන්ග් කෙනෙක්ව තමයි හැමෝටම දකින්න ලැබුණේ. හැමෝම මේ දර්ශනයට ආදරය කළා. ඒ උණුහුම ටේහ්‍යුන්ග් වෙනුවෙන් විතරක් ම වුණා.

" හරි ළමයි... ලකුණු සීයට අනූ හතක් අරගෙන මේ පාර දෙවනියට, විශිෂ්ඨ ම ප්‍රතිඵලයක් වාර්ථා කරන්නේ...

සුකී ජේසන්...."

සුකී අත් දෙකෙන් මූණ වහගෙන හිනා වෙන්නද අඬන්නද කියලා හිතා ගන්න බැරිව නැගිටලා ඉස්සරහට යද්දි වෙනදා සුකී ට බාධා කරපු පාච්චල් කරපු කොලේජ් එකේ ළමයි ම එයා වෙනුවෙන් අත්පොලසන් දෙන්න පටන් ගත්තා.

හොබී ගෙ අතින් තමන්ගෙ සහතික පත්‍රය අරගනිද්දි හොබී සුකී ටත් ගොඩක් සතුටින් සුබ පැතුවා.

" සුබ පැතුම් සුකී. වෙල් ඩන්.. පර්ෆෙක්ට්.."

හොබී කිව්වෙ සුකී ගෙ ඔලුව අතගාන ගමන්.

" තැන්ක් යූ සර්. තෑන්ක්ස් අ ලොට්.."

සුකීටත් ටේහ්‍යුන්ග් ට වගේම ගොඩක් වැදගත් අවස්ථාවක් හම්බ වුණා ඒ වේදිකාව උඩ කතා කරන්න.


" හායි.. ඔයාලා දන්නවා මම කවදාවත් මේ වගේ තැනක කතා කරලා නෑ. මොකද මම ඉදිරිපත් වෙන්න බය වුණ කෙනෙක්. එක්කො කවුරුහරි මාව bully කරයි එහෙම නැත්නම් මට හිනාවෙයි කියලා බය වුණා.

එක්තරා කාලයකදී මම ටේහ්‍යුන්ග් ට පුරාම බය වුණා. එයා කියන ඕනම දෙයක් දෙපාරක් කියන්න නොතිය කරන තත්ත්වයට පත් වුණා. ඒත් වුණ වෙනස මම දන්නෙ නැති වුණත් මම කොලේජ් එකෙන් අස් වෙලා යන්න හිතාගෙන ආව දවසේ, ටේහ්‍යුන්ග් මට කතා කළා.

එයා මට කිව්වා ඉගෙනීම අතහරින්න එපා කියලා. දුප්පත් ළමයෙක්ට ඉගෙනීම තමයි ගොඩ එන්න තියෙන පාර කියලා. එයා මට ශිෂ්‍යත්ව අරමුදලක් ලැබෙන්න සැලැස්සුවා. දැන් මම හදවතින් ම ගරු කරන කෙනෙක් ටේහ්‍යුන්ග්.. ස්තූතියි ඔයාට..

ඒ වගේම.. මගේ අම්මා නෑ. තාත්තා වීල් චෙයා එකේ ඉන්නේ. ඒ වෙලත් මට කියන්න තියෙන දුකක්, කාටවත් කියාගන්න බැරි තරම් වේදනාවක් ආවහම මට අඬන්න උරහිසක් දීලා තාත්තා වගේ මාව සනසපු මගේ මිත්‍රයා ජන්කුක්... මම ඔයාටත් හදවතින් ම ගරු කරනවා. මොකද ඔයාගෙ උපදෙස් හැමදාම මට හොඳම පාර පෙන්නුවා.

Baby Bully ✔️Where stories live. Discover now