CHAPTER 13

635 129 3
                                    

🐿️ නැහැ යුන්ජි... තව විනාඩියක් වත් මේ වගේ තැනක ගෙවන්න මට ඕන නැහැ. ඒ වගේම නම්ජුන්... ඉශ්ට කරන්න බැරි පොරොන්දු වෙන එක නවත්ත ගනින්. උඹට තිබුණා අපිට මෙහෙම කතා කරලා අපහාස කරන කම් මේ කසාදෙ වෙන්නේ නැත්තම් ඒක අපිත් එක්ක වැදගත් තාලෙට කතා කරන්න. මෙහෙම කරන්නේ නැතිව. කමක් නැහැ... ටේහ්‍යුන්ග් ගේ ජීවිතේ ට අපි එන්නේ නෑ මීට පස්සේ කවදාවත්. අපේ යාලුකම නැති වුණා කියල හිතා ගනිං මස්සිනා. මම සතුටු වෙනවා අපේ පුතා මෙතන නොහිටි එක ගැන...

හොබී කිවිවේ තමන් ඇඳගෙන හිටිය බ්ලැක් බ්ලේසර් එක ගසලා කෑම මේසෙන් නැගිටින ගමන්.

🐼 අනේ.... ඔච්චර කලබල වෙන්න එපා හොබු. අපි ටේහ්‍යුන්ග් ව කැමති කරවලා දෙන්නම්. නේද නම්ජුන්..?

🐨 ඒකනෙ බං.. පොඩ්ඩක් හිතපන්.. අපේ එකා ගැන අපි බලා ගන්නම්.

නම්ජුන් හොබී ව නවත්තන්න හිතාගෙන කිව්වා වුණාට හොබී ඊලඟට කිව්ව කතාවට නම් නම්ජුන් ට කට උත්තර නැති වෙලා ගියා.

🐿️ උඹ මේ කොල්ලව බලෙන් කැමති කරවලා බන්දලා දුන්නත් එයා හිතෙන් ආදරේ මගේ එකාට නෙවෙයිනේ. එහෙම මගුලක් කරලා දීලා මගේ කොල්ලා ජීවිත කාලෙම විඳවන හැටි මට බලාගෙන ඉන්න පුළුවන් කියලද හිතන්නේ උඹ..?

ඒක නම් කොහෙත්ම වෙන්නෙ නැහැ නම්ජුන්. මගේ හිත හොඳ කමට උඹ එක්ක තියෙන බිස්නස් ටික වෙන එකෙක් ට බාර දෙන්නේ නැහැ. ඒත් අපේ JEONS බ්‍රෑන්ඩ් එකත් එක්ක අලුත් tycoon එකක් හදන එක නම් වෙන්නෙ නැහැ... ඒක ගැන හිතන්න වත් එපා...

යුන්ජි ගේ අතිනුත් අල්ලගෙන හොබී ගෙදරින් එලියට ඇවිදගෙන ගියෙ පුලුවනා තරම් කේන්තියෙන්. එයාට මෙතන තව දුරටත් රැඳිල ඉන්න හිතක් නොතිබුණ එක ගැන කිසිම තැකීමක් නොකරපු ටේහ්‍යුන්ග් පාඩුවේ තමන්ගේ පිඟානට බෙදා ගත්ත රාමෙන් ටිකත් කාලා තව අමතර රාමෙන් ටිකකුත් බෙදා ගත්තා.

ඒ විදිහට ටේහ්‍යුන්ග් ගේ හැසිරීම දැක්ක ජින් ට හිතා ගන්න බැරි වුණා ටේහ්‍යුන්ග් තමන් ගොඩක් ම ආදරේ කරන අංකල් කෙනෙක් වුණ හොබී ට ඒ විදිහට කතා කරලා සැනසීමේ කෑම ගන්න එක ගැන. තමන් ගොඩක් ආදරේ කෙනෙක් ට ඒ විදිහට කෑ ගහලා අපිට නිදහසේ කෑම ගන්න පුළුවන් ද..? ජින් එහෙම හිතද්දි තමන්ට බැරි වුණත් ඒක ටේහ්‍යුන්ග් ට නම් පුලුවන් කියලා එයාට ඉක්මනින් ම තේරුම් ගියා.

Baby Bully ✔️Where stories live. Discover now