වසර පහකට පසු....
" මම හිතනවා මම කියපු දේ ඔයාලට පැහැදිලි ඇති කියලා..."
මෙච්චර වෙලා තමන්ගෙ පැහැදිලි කිරීම කරගෙන ගිය ජන්කුක් තමන්ගෙ ස්ටාෆ් එකෙන් ඇහුවෙ එයාලා දිහා පිරික්සුම් සහගත බැල්මක් හෙලන ගමන්.
අද දවසට ජන්කුක් තමන්ගෙ අප්පගෙ බිස්නස් ටික කන්ට්‍රෝල් කරන්න පටන් අරගෙන අවරුදු හතරක් වෙනවා වගේම ඒ දේ ගැන අමතක වුණ ගානට ජන්කුක් තමන්ගේ මීටින් එක හැඬල් කරගෙන ගියා.
ඔෆිස් ඩෝ එක එකපාරට ම ඇරගෙන ඇතුලට ආව කෙනෙක් ජන්කුක් දිහාට හැරිලා ඔරවන්න පටන් ගත්තා
" උයාත මං නැතුව කවුද කීවේ මිතිං කලන්න... හහ්... උයා අලිම මීනි මිස්තල් ජියොන්..."
අවුරුදු හතරක පොඩ්ඩා ජන්කුක් දිහා ඔරවගෙන බලාගෙන ඉද්දි එවෙලෙම රූම් එකට ඔලුව දැම්මෙ තද ඒත් කඩවසම් පෙනුමක් තියෙන කෙනෙක්.
" එක්ස්කියුස් මී මිස්ටර් ජියොන්..."
රූම් එකට ආවෙ ටේහ්‍යුන්ග්.
" මම හිතන්නෙ මේ මීනි පොඩි එකා ඔයාගෙ මීටින්ග් එකට බාධා කරනවා වෙන්න ඇති. මම එයාව අරගෙන යන්නම්කො..."
" අලේ.... මාව අත අලින්නකූ.. පපා.... අලේ..... මාව අත අලින්න කූඌඌඌ"
එහෙම කියපු ටේහ්‍යුන්ග් පොඩ්ඩාව වඩා ගෙන එතනින් යන්න හදද්දි ජන්කුක් ආයෙමත් එයාලා දිහාට හැරිලා කතා කළා.
" ඔයාලා දෙන්නා මෙහෙම එක පාරටම කඩන් පැනලා... අයිම් සොරි කිව්වම හරි කියලද හිතාගෙන ඉන්නේ....? ඔහොම ඉන්නවලා දෙන්නම... "
ජන්කුක් කිව්වහම පුංචි කොලු පැටියා බය වෙලා වගේ ටේහ්‍යුන්ග් ගෙ පැත්තට හැරුණේ තමන්ගෙ දඟ වැඩ හින්දා ජන්කුක් ගෙන් තමන්ගේ පපාට බැණුම් අහන්න වෙයිදෝ වගේ..