CHAPTER 7

714 135 13
                                    

ජින් හිටියේ කුස්සියේ කෑම ලෑස්ති කරන ගමන්.  මොහොතකට කලින් ටේහ්‍යුන්ග් එක්ක තමන් කතා කරපු විදිහ ගැන ජින් හිටියෙ තමන් එක්ක ම හිනා වෙන ගමන්. මාස තුනකට කලින් එක දවසක එයාලගේ ආදරණීය බෑනා හම්බ වුණ හැටි ජින් ට මතක් වුණා.

______________________________________

FLASHBACK

කිම් පවුල හිටියේ කෑම කාමරේ. ටේහියුන්ග් තමන්ගේ ඇඟට හරි නෑ කියලා කෑම කන්න පහළට ආවෙත් නෑ. ඒ වෙනුවට මේඩ් කෙනෙක් ලවා ටේට කෑම යවපු කට්ටිය කන්න පටන් ගත්තා.

🐼 ජූන්..

🐨 කියන්න ජිනී..

🐼 මට යුන්ජි ව හම්බ වෙන්න ආසයි.

🐨 ඒ මොකද හදිසියේම.?

🐼 එයාලගේ පුතා... මං කිව්වේ අපේ පොඩි බෑණා ගැන තොරතුරක් හම්බ වෙලා ලු.

🐨 අනෙහ්...

නම්ජුන් ට කියවුනේ සතුටටම. මෙච්චර කාලයක් දකින්න බලාගෙන හිටපු, එයාලගේ දරුවව හම්බ වුණා කිව්වම අනාගත මාමණ්ඩි විදිහට ජුන් ට සතුටු හිතුනා.

ඒ වෙලාවෙම නම්ජුන් ගේ ෆෝන් එක රින්ග් වෙන්න පටන් ගත්තේ නම්ජුන් ගේ, ජින් ගේ වගේම යුන්ගි ගෙත් අවධානය ඒ පැත්තට හරවලා.

🐼 කවුද කතා කරන්නේ...?

🐨 හොබී...

🐱 බලන්න බලන්න අප්පා.. සමහර විට මල්ලි ගැන ආරංචියක් ද දන්නේ නෑ..

යුන්ගි කිව්වෙ චොප්ස්ටික් එක නූඩ්ල්ස් භාජනේට දාලා කරකෝලා නූඩ්ල්ස් ටිකක් තමන්ගේ පිඟානට ගන්න ගමන්. ජිනුත් නොනවත්වාම ඔලුව උඩට පහළට කළේ ආන්සර් කරන්න කියන්න.

හෙලෝ.....

නම්ජුන් කතා කළා.

හෙලෝ මස්සිනා. මම හොබී. මම මේ කතා කළේ හරි සතුටු හිතෙන ආරංචියක් කියන්න.

හෝසොක් ගේ ප්‍රීතිමත් කටහඬ දුරකතනයෙන් ඇහෙද්දී ජින්, නම්ජුන් වගේම යුන් ගී ත් කෑම කන එක නවත්තලා අහන් ඉන්න පටන් ගත්තා.

ඒ මොකක්ද බන්...

නම්ජුන් අැහුවෙ හිනාවෙන ගමන්.

අපේ පුතා හම්බ උනා බන්...

හෝසොක් ගේ කටහඬ ඇහෙද්දි නම්ජුන් වාව් කියලා කිව්වේ සතුට ඉහ වහා ගිහින්.

Baby Bully ✔️Where stories live. Discover now