CHAPTER 17

691 127 26
                                    

ඒ වෙනුවට ගිහින් ටේහ්‍යුන්ග් ගාවින් ම වාඩි වෙලා ටේහ්‍යුන්ග් ගෙ අතෙන් අල්ල ගත්ත ජින් කතා කළා...

" බේබි බෙයා...."

ජින් හරිම ආදරෙන් ටේහ්‍යුන්ග් ව තමන්ට තුරුල් කර ගත්තා.

" ඇයි ඔම්මා... ඔයාලා ගැන මගේ හිතේ තිබ්බ ආදරේ ඇපේට තියලා ඒ විදිහට රඟපෑවෙ..?"

ටේහ්‍යුන්ග් අහද්දි ජින් කතා කළා.

" ඔයා අපිට තියෙන ආදරේ කවදාවත් වෙනස් වෙන්නේ නෑ කියලා අපි දන්නවා බෙයා. ඒ වගේම ජන්කුක් ට ඔයාගෙන් ඕන වුණේ ආදරයක් විතරක් ම නෙවෙයි. එයාට ඕන වුණේ අවංකකම..

ඔයාගෙ ආඩම්බරකම ඔයාට හැම දේම නැති කරයි කියලා පෙන්නන්න තමයි එයා එහෙම කළේ. අනිත් එක.. මීට මාස තුනකට කලින් කියන්නේ ඇත්තටම ජන්කුක් හිටියේ ළමා නිවාසේ.

එයාව යුන්ජිලගේ දරුවා කියලා හොයා ගත්තේ අවුරුදු දා හතක් අම්මගේ තාත්තගේ සෙනෙහස නැතිව අනාත නිවාසෙක හැදුනටත් පස්සෙ. ඉතින් අම්මලා තාත්තලා ගැන එයාට දැනෙනවා හොඳට.

ඒ වගේම ජන්කුක් ට ඕන වුණේ එයා ඇත්තටම දුප්පත් කෙනෙක් වුණා නම් ඔයා එයත් එක්ක එයාගෙ චූටි ගෙදර ජීවත් වෙන්න ඇත්තටම යයිද කියන එක දැනගන්න.

දුප්පත් වුණහම දැනෙන විදිහ ඔයාට තේරුම් කරවලා දෙන්න. ඒ ඇරෙන්න එයාගෙ කිසි වරදක් නැහැ. ඔයාගේ හිතේ දුප්පත්කම ගැන තිබ්බ හැඟීම් එක පාරටම වෙනස් වෙන්න පටන් ගත්තේ එයා නිසා.

ඒ විතරක් නෙවෙයි පුතේ.. ඔයා හැම එකටම අපිටත් කෑ ගහද්දි.. ඒක ඔම්මා විදිහට මට දරාගන්න පුළුවන් වුණේ නෑ. මගේ දරුවා මනුස්සකම් දන්නෙ නැති කෙනෙක් කියලා මේ ලෝකෙ මිනිස්සු හිතනවට මම කැමති නැහැ.

මට ඕන මගේ දරුවා ලස්සනට අහිංසක ව ජීවත් වෙන්න. කාටවත් වරදක් නොකර.. වරදක් නොකිය.. "

ජින් ට තුරුල් වුණත් ටේහ්‍යුන්ග් ආපහු ජින් ගෙන් ඈත් වුණා.

" ඒත් මම නම් ඒ රැවටිලිකාර.. බොරුකාර.. වංචාකාර හාවට සමාව දෙන්නෙම නැහැ.. දෙන්නෙම නැහැ.. දෙන්නේඒඒඒඒම නෑඈඈ"

ටේහ්‍යුන්ග් කිව්වෙ හිනාවක් එන්න ආවත් ඒක ගැන හංගගෙන.

" ඒ වගේම ඔයාලත්... ඔයාලත් මාව විහිලුවකට ගත්තා නේද..? ඔයාලටත් මාව පෙනුණේ බේරු කියලා රවට්ටලා ආතල් ගන්න පුළුවන් කෙනෙක් වගේ නම්... ටේ ඔයාලා එක්කත් තරහයි. ඇත්තමයි. "

Baby Bully ✔️Where stories live. Discover now