මායාකාරී

172 23 10
                                    

පුංචි පුංචි හිම තුහින හරි ආදරෙන් පොළොව සිපගන්නවා. මොනතරම් අපූරුද? ඇයි ඒත් එකක්ම හමන සීතල හුළඟ? ඔව් මේ දෙසැම්බර් මාසේ. සෝල් නගරෙට තවත් ලස්සන ශීත කාලයක් උදා වෙලා.ළඟ ළඟ ම එන නත්තලට හරි හරියට සුදානම් වෙන මිනිස්සුන්ගෙන් නගරෙම පිරිලා.

මේ අතරේ චෝයි පවුලේ නම් වෙන්න යන්නේ වෙනස්ම දෙයක්..

Beomgyu : අනේ ඔම්මා..ඕන අපායකට යන්නම් බුසාන් නම් යන්න බෑ..

Mrs Choi : බෝම්ග්යූ මං සැරයක් කිව්වා බඩු ටික පැක් කරගන්න දැන්ම.අප්පටයි මටයි පරක්කු වෙනවා. අද පැරිස් වලට තියෙන ෆ්ලයිට් එක මිස් වුනොත් සේරම ඉවරයි.

Soobin: අනේ ඔම්මා.. අපි තුන්දෙනා මෙහෙ ඉන්නම් අනික යොන්ජුන් ඉන්නවනේ අපිව බලාගන්න..

Yeonjun : ඔව් ඔම්මා. මං මල්ලිලාව බලාගන්නම්

Mrs Choi :සූබින්, යොන්ජුන් ඔය දෙන්නත් පටන් ගත්තද? අනික ළමයිනේ මං ඔයාලව වෙන කොහෙවත් නෙවෙයි ගිහින් දාන්නේ ඔයාලගේ ආච්චි අම්මගේ ගෙදර..

එහෙම කියලා මිසිස් චෝයි එතනින් යන්න ගියේ චෝයි සහෝදරයෝ ටික මූණට මූණ බලගනිද්දී.

Beomgyu : දැන් නම් බෑ සාම්ත.මොනවහරි කරපන්න්කෝ

Soobin : ඔව් යකෝ මට‍ නම් බෑ ඒ අපායට ආයේ යන්න

Yeonjun : දන්නවනේ ඔම්මා කිව්වොත් ආයේ වෙනස් කරන්නෑ කියලා.. අනේ අපේ Christmas නිවාඩුව.. ඒක එහෙම් පිටින්ම වලදාපල්ලා කොල්ලනේ..

Beomgyu : අඩේ කායියයි ටේයි සැපට ඉඳියි බන්.. අපි උන් දෙන්නවත් උස්සන් යමු. තනියම පරිප්පු කන එක මගෙ හිතට වාවන්නෑ.මොනවා වුණත් උන් දෙන්නා අපේ බොක්කනේ

Yeonjun : මරු අයිඩියාව මලයෝ

ඉතින් චෝයි සහෝදරයෝ එයාලගේ යාලුවෝ දෙන්නාව ඒ කියන්නේ කායිවයි ටේහ්යෝන්වයි ගමනට එකතු කරගත්තා. චෝයි යුවල හදිස්සියේම පැරිස් ගිය නිසා මේ අයට යන්න වුණේ කෝච්චියේ තනියම.. ඉතින් කොහොමහරි කෝච්චියට නැගගත්ත කොල්ලෝ ටික කියව කියව ගියා.

Soobin : බෝම්ග්යූ ඔය ජනේලේ වහපන්කෝ සීතලයි යකෝ මගෙ ඕඩි පැටියට. පැටියෝ ඔයා ඔහොම නිදාගන්න මං ඉන්නවනේ.

T᙭T & TᕼE ႽႶ口ᗯ ᑭᗩᒪᗩᑕE|ᴛxᴛ ꜰꜰ|ᴄᴏᴍᴩʟᴇᴛᴇᴅ|Tahanan ng mga kuwento. Tumuklas ngayon