රතු රෝස

97 17 0
                                    

කොහොම වුණත් කොල්ලෝ ටිකට එදා රෑ හොඳටම නින්ද ගියා. හරියටම බිත්ති ඔරලෝසුවෙ පාන්දර තුනේ බෙල් එක වදිද්දී ටේහ්යෝන්ට නම් නැගිටින්න පුළුවන් වුණා. ඒත් බොම්ග්යු නම් හොඳටම නිදි. ටේ හිමීට එයාගේ හිම කබායත් දාගෙන ගියේ බොම්ග්යු ළඟට.

Taehyun : ඒ බොම්ග්යු නැගිටපන්

Beomgyu :අම්.. හරි හරි තේ එක ඔතනින් තියන්න. දැන් මට‍ නිදාගන්න දීල පල

Taehyun : අඩෝ නැගිටපිය පරක්කු වෙනවා හ්යෝන්ග්ලා ඇහැරෙයි. අපි යන්නැද්ද බුරුවො??

ටේ එහෙම කියලා බෝම්ග්යුගේ පිටිපස්සට කොට්ටෙකින් ගැහුවෙ මිනිහව ඇහැරවන්න .එතකොටම බොම්ග්යු ගැස්සිලා ඇහැරුනා

Beomgyu :ආව් යකෝ මොනාද තෝ කරන්නේ?

Taehyun : ශ්ශ්..කෑ ගහන්න එපා මිනිහෝ..කෝට් එකත් දාගෙන වරෙන් යන්න

Beomgyu : උබට ඕක කටින් කියන්න බැරිද පස්සට ගහන්නේ

Taehyun : මං දැන් කියනවා තොට කටින්..

ඉතින් දෙන්නත් එක්ක ලෑස්ති වෙලා ටෝර්ච් එකකුත් අරන් පඩිපෙළ දිගේ පහල තට්ටුවට ගියා. ටේ ටෝර්ච් එක අල්ලන් ඉද්දි බොම්ග්යු ජනේලයක් හිමීට ඇරියා. ඒත් එක පාරටම පඩිපෙළ ළඟින් අඩි සද්දයක් ඇහුන නිසා දෙන්නම ගැස්සිලා බැලුවේ පිටිපස්ස

..: ටේ, බොමා උබලා ඉන්නවද?

Taehyun, Beomgyu : කායි උඹ..

Beomgyu : උබ මොකද මෙතන කරන්නේ

Kai : මං මේ.. කියන්න ගියේ මේ මාත් එනවා කියලා

Beomgyu : එහෙනම් තෝ කලින් බෑ කිව්වෙ අහවල් එකකටද කියහන්

Kai : මෙහෙමයි ඉතින් උබලා ගියපුම මං තනියමනෙ

Beomgyu : තනියම?? තව ටිකකින් මගෙ හාටුවත් ලෙෆ්ට්.

Taehyun : හරි හරි දැන් ඕක නවත්තලා වරෙන් යන්න උබත්

කායිවත් ගමනට එකතු කරගෙන කට්ටියම ගියේ අර කැලේ පැත්තට. එයාලා හරියටම මාලිගාව තියෙන තැන දන්නේ නැති වුණත් මාලිගාවේ උඩ කොටස ඈතට පෙනුන නිසා කොල්ලෝ ටික ඒ පැත්තට ඇවිදගෙන ගියා. කොහොමහරි විනාඩි 10 කට විතර පස්සෙ එයාලට මාලිගාවේ ලොකු ගේට්ටුව ළඟට එන්න පුළුවන් වුණා. ඒ
ගේට්ටුව වටේට තිබුනේ උස තාප්පයක්.ඒ වගේම ඒකට දාලා තිබුනේ ලොකුම ලොකු ලොක් එකක්.

T᙭T & TᕼE ႽႶ口ᗯ ᑭᗩᒪᗩᑕE|ᴛxᴛ ꜰꜰ|ᴄᴏᴍᴩʟᴇᴛᴇᴅ|जहाँ कहानियाँ रहती हैं। अभी खोजें