ඕඩි ඔයා??

76 13 6
                                    

ඔන්න ඉතින් ඒ දවසත් එහෙම ගෙවිලා යද්දි කොල්ලෝ ටික බලන් හිටියේ ඉක්මනට පාන්දර වෙනකම්. ඒ නිසා කට්ටියම වෙනදටත් කලින් නින්දට ගියා.

කොහොමරි පාන්දර තුනේ බෙල් එක වදිද්දී මුලින්ම ඇහැරුනේ සූබින්. සූබින්ට අනිත් අයව ඇහැරවන්න මාර ගේමක් තමයි දෙන්න වුණේ

Soobin: අඩෝ යොන්ජුනා නැගිටපිය.. අපි යන්නැද්ද බන්?

Yeonjun : තව ටිකක් නිදාගන්න දීපිය

Soobin : යා.. ඉඳපන් එහෙනම්. මං යනවා පොඩි එවුන් ටික ඇහැරවන්න

ඊටපස්සේ සූබින් ගියේ පොඩි අයගේ කාමරේට

Soobin : ටේ අඩෝ නැගිටපන් පරක්කු වෙනවා... කමල් පුතා, කෝ යන්නැද්ද බන්?... බොමා, වලස් තඩියෝ නැගිටපිය යකෝ!!

Beomgyu : කවුරුහරි එකෙක් මේකව එළියට ඇදල දාපිය.. ඇයි යකෝ රෑ මැදට ඇවිල්ලා වද දෙන්නේ..

Soobin : රෑ නෙවෙයි දැන්.. වෙලාව බලපන්..5යි

එතකොටයි කට්ටියම කරන්ට් එක වැදිලා වගේ එකපාරටම නැගිට්ටේ

Taehyun : දැන් ද බන් කියන්නේ?

Soobin : මං දැන් කීයේ ඉඳලද තොපිලව ඇහැරවන්නේ? ඕඩි විතරයි මේ ගෙදර මං කියන දේ අහන එකෙක්ට ඉන්නේ. අපි යනවා පහලට. ඉක්මනට වරෙන්.

සූබින් එහෙම කියලා ඕඩිවත් අරන් පහළ තට්ටුවට ගියා.

ඉතින් විනාඩි 10කට විතර පස්සේ කට්ටියම ලෑස්ති වෙලා ගමන යන්න පිටත් වුණා. එළියේ හොඳටම හිම වැටෙන නිසා මුළු පාරම හිමවලින් වැහිලයි තිබුනේ.ඒ නිසා මාලිගාව හොයාගන්න නම් ටිකක් අමාරු වුණා. ඒත් කොහොමහරි අන්තිමට මාලිගාව හොයාගත්ත කොල්ලෝ ටික කලින් වගේම කේබල් එක දාලා තාප්පෙන් මාලිගාවේ උද්‍යානයට පැනගත්තා.

ඒත් කලින් තිබුනට වඩා උද්‍යානෙ නම් ටිකක් වෙනස් වෙලා.

Kai : මේකට මොකද්ද වෙලා තියෙන්නේ?

Soobin : ඇයි මොකද?

Beomgyu : අපි කලින් එද්දී අර රෝස මල් ලස්සනට තිබුනා .ඒත් දැන් කලින් වගේ ඒවා ලස්සන නෑනේ..

T᙭T & TᕼE ႽႶ口ᗯ ᑭᗩᒪᗩᑕE|ᴛxᴛ ꜰꜰ|ᴄᴏᴍᴩʟᴇᴛᴇᴅ|Where stories live. Discover now