ඇත්ත නැත්ත

109 20 7
                                    

: මාත් හරියටම දන්නෑ. මාත් ඔය කඩේට එන කට්ටිය කියන කතා තමයි ඔයාලට කිව්වේ.
ඒක නෙවෙයි ඔය ළමයි මේ පැත්තට අලුත් වගේ

Yeonjun : ඔව් අපි සෝල් වලින්. නිවාඩුවට අපි ආච්චිගේ ගෙදර ආවා.

: කවුද ඔයාලගේ ආච්චි?

Soobin : ඔයා දන්නවද සුසී නෝනා?

: මොකද නැත්තේ. හරිම හොඳ කෙනෙක්. මං මේ ගමට ආපු දවසේ ඉඳන් දන්නවා. එයාගේ මහත්තයත් හරිම හොඳයි. ඒත් එයා කාලෙකට කලින් නැති වුනානේ. හරිම අපරාදයක් තමයි

Beomgyu : ඒක තමයි. අපි එහෙනම් ගිහින් එන්නම්. ආයෙමත් වෙලාවක එන්නම්කෝ

: හොඳයි ළමයිනේ පරිස්සමින්

ඉතින් කොල්ලෝ ටික ආයෙමත් සුසී නෝනගේ ගෙදර යනගමන් කල්පනා කරේ කඩේ ගෑනු කෙනා කියපු විස්තරේ ගැන.

Taehyun : ඇත්තටම බන් මොකද්ද දන්නෑ අර ශාපේ කතාව?

Beomgyu : ඒක මොකක් වුණත් අපිට වැඩක් නෑනේ. ඕවා හොයන්න ගිහින් අන්තිමට අපිටත් මැරිලා හොල්මන් කරන්න වෙන්නේ.

Yeonjun : සිරා බන්. මොකටත් ටේ උබ ඕක අමතක කරලා දාපන්. දැන් අපි අර ගෙදර ජීවත් වෙන්නේ කොහොමද කියලා හිතපන්.

Soobin : මට‍ නම් හිතෙන්නේ සුසී ආච්චි මායාකාරියක් නෙවෙයි කියලා. අර කඩේ කෙනත් එයාව හොඳට දන්නවා

Kai : එතකොට ගෙම්බි කකුල් සුප් මොනාද කියපන්

Beomgyu : ඒකනේ.. මට‍ නම් සැකයි

Yeonjun : තොපිලගේ ඔය භූත කතා අහලා මටත් පිස්සු වගේ බන්

Beomgyu: උබට කොහොමත් පිස්සු තමයි. උබේ පිස්සුව අපිට හැදෙයි කියලා තමයි මට‍ බය

Yeonjun : තොට කියන්නෑ වලස් තඩියා

Soobin : යා නවත්තපියව්.. අම්මපා තොපිලට වලියක් දාගන්නැතුව ඉන්න බෑනේ? වරෙන් යන්න ඉක්මනට

ආයෙමත් කොල්ලෝ ටික ගෙදර එනකොටත් සුසී ආච්චි ඇවිල්ලා හිටියේ නෑ. ඒ නිසා එයාල තම තමන්ගේ කාමරවලට ගිහින් තම තමන්ගේ වැඩක් කරගෙන දවස ගෙවන්න හිතුව. සුසී නෝනට තිබුනේ පුංචි ගෙදරක්. ඉතින් පිරිමි ළමයින්ට හම්බ වුණේ කාමර දෙකයි. ඒවගෙන් එකක හිටියේ සූබිනුයි, යෝන්ජුන්යි. අනිත් කාමරේ හිටියේ පොඩි තුන්දෙනා. ඒ කියන්නේ බොම්ග්යු, ටේහ්යෝන් ඒ වගේම කායි.

T᙭T & TᕼE ႽႶ口ᗯ ᑭᗩᒪᗩᑕE|ᴛxᴛ ꜰꜰ|ᴄᴏᴍᴩʟᴇᴛᴇᴅ|Donde viven las historias. Descúbrelo ahora