කන්නාඩිය

87 16 17
                                    

ඊළඟට කට්ටියම අරින්න ලෑස්ති වුණේ එතන තිබුන හතර වෙනි දොර.

කලින් වගේම මොකෙක් හරි බයානක සතෙක් බලාපොරොත්තු වුණ කොල්ලෝ ටිකට දොර ඇරියාම නම් දකින්න ලැබුනේ ගඩොල් බිත්ති තියෙන පුංචි හිස්  කාමරයක්.

Taehyun : මේක ඇතුලේ මොකුත් නෑනේ බන්

Kai : සමහරවිට මේක හරි එක වෙන්නත් පුළුවන්.
මං දැකලා තියෙනවා කාටුන්වල මේ වගේ කාමර තියෙනවා. ඒවගේ බිත්තිවල තියෙන ගඩොල් කැටයක් ඇද්දාම රහස් දොරවල් ඇරෙනවා.

Beomgyu :වාහ්..උබ දවස තිස්සෙම කාටුන් බල බල ඉඳලා මේ වගේ දෙයක් හරි ඉගෙන ගත්ත එක ගැන මට ආඩම්බරයි කොල්ලෝ

Yeonjun :ඔව් ඒක නම් ඇත්ත බන්.බලමු මෙතන මොකක් හරි හෙලවෙන ගඩොලක්‌ තියෙනවද කියලා

කායිගේ කතාව අහපු හැමෝම කරේ බිත්තියෙ හෙලවෙන ගඩොලක්‌ තියෙනවද කියලා හොයපු එක.

ඉතින් විනාඩි පහක් විතර ගියාට පස්සෙ අන්තිමට බොම්ග්යූට බිත්තියේ තැනක තිබිල අර කියපු විදිහේ ගඩොලක්‌ හම්බ වුණා ..

Beomgyu : මේ බලපන් මේක හෙලවෙනවා.මං මේක අදින්නද?

Kai : ඇදල බලපන්

ඊටපස්සේ බොම්ග්යූ ඒ ගල ඇද්දා.

හැමෝම බලාපොරොත්තු වුණේ ඊළඟට මොකක් හරි දොරක්‌ ඇරෙයි කියලා

ඒත් එක පාරටම එයාලා හිටපු කාමරේ බිත්ති හතර හෙමින් හෙමින් ලං වෙන්න ගත්තා

Beomgyu : මේ.. මේ.. මොකද්ද වෙන්නේ.. මේ බිත්ති ටික අපේ පැත්තට එනවනේ..

Yeonjun : හැමෝම ළඟට එන්න.ඒවා එන්න එන්නම ලං වෙනවා

Soobin : දැන් මොකද්ද කරන්නේ?

Taehyun : ඔය ගල ආපහු දාන්න

Beomgyu : හ.. හරි

ඉතින් බොම්ග්යූ ඉක්මනට ආයෙමත් අර ගල තිබ්බ තැනින්ම හයි කරා. ඒත් බිත්ති ටික ලං වෙන එකනම් නැවතුනේ නෑ

Kai : කෝ.. මේක නතරවෙන්නෑ නේ

Beomgyu : කටවහගෙන හිටපන්..උබ කියපු නිසා තමයි මේ හැමදෙයක්ම

T᙭T & TᕼE ႽႶ口ᗯ ᑭᗩᒪᗩᑕE|ᴛxᴛ ꜰꜰ|ᴄᴏᴍᴩʟᴇᴛᴇᴅ|Where stories live. Discover now